රට තුළ පවතින පොල් මිල අර්බුදයට විසඳුමක් ලෙස ඉදිරි සති 2ක ඇතුළත තදාසන්න ප්‍රදේශවලට පොල් ගෙඩි ලක්ෂ 10ක් බෙදාහැරීමට රජය තීරණය කර තිබෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
Colonel Buddhika Ferdinandez has made history with this graduation, marking her name as the first lady officer from the Tri Forces to graduate from the Sri Lanka National Defence College.
පසුගිය කාලයේ පැවති වර්ෂාව සහ ගංවතුර බැසයාම හේතුවෙන් මදුරුවන් බෝවිය හැකි ස්ථාන වැඩිවිය හැකි බවත්, එම නිසා ඩෙංගු අවදානම වැඩි ප්‍රදේශ ආශ්‍රිතව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා එක්ව පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහන් ආරම්භ කරන බවත් ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.
අධික වර්ෂාපතන කාලගුණයත් සමඟ හටගෙන තිබෙන ආපදා තත්ත්වයෙන් මේ වන විට පවුල් 59,629කට අයත් පුද්ගලයන් 275,082ක් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයට බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
මන්නාරම දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 49,560කට පමණ අයහපත් කාලගුණයේ බලපෑම් එල්ල වී තිබේ.
Aruna
අස්වැසුම ප්‍රතිලාභී යෝජනා ක්‍රමය සඳහා මෙතෙක් අයදුම් කිරීමට නොහැකි වූ පවුල් සහ තැනැත්තන් හට ඊට අයදුම් කිරීම සඳහා තවදුරටත් සහන කාලයක් ලබාදී ඇති බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.
වරින් වර හිස ඔසවනු ලබන ඩෙංගු රෝගය සම්පූර්ණයෙන් පාලනය කර ගැනීමට නව රජය සැළසුම් කරන වැඩසටහන තුළ ප්‍රතිකාර සේවා ශක්තිමත් කර ගැනීමට, මදුරු කීට බෝවීම මර්දනය කිරීමට සහ විධිමත් ඖෂධ භාවිතාවන් ආදී කරුණු සම්බන්ධව කියුබානු රජයේ විශේෂඥ දැනුම, තාක්ෂණික මෙවලම් සහ අත්දැකීම් සෘජුවම යොදා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තීරණය කර ඇත.
මිස්ටර් වර්ල්ඩ් (Mr:World ) තරගාවලියට සහභාගී වී , ලෝකයේ කඩවසම් තරුණයන් අතරින් අවසන් දස දෙනා ( Top 10 ) අතරට තේරී පත් වූ , මේඝ සූරියආරච්චි ඊයේ (26) මධ්‍යම රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක නිධානයක් ඇතැයි සොයා පුරා දින 3ක් සිදුකළ කැණීම් කටයුතු අද පස්වරු 4ට අවසන් කර තිබෙන අතර එම ස්ථානයෙන් කිසිදු පුරා වස්තුවක් හමු වී නොමැති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර් තුසිත මෙන්ඩිස් මහතා ප්‍රකාශ කරයි.
අධික වර්ෂාව නිසා හානි වුණු මාර්ග හා පාලම් පිළිසකර කිරීම සඳහා අමාත්‍යවරයා ලබාදුන් උපදෙස් අනුව ලහි ලහියේ දිවා රෑ නොනවත්වා වැඩ කළ මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්‍ය මඬුල්ල මනම්පිටිය- අරලගංවිල (B – 502 ) මාර්ගයේ 19/1 හානි වූ පාළම වෙනුවට යෝජනා වූ තාවකාලික යකඩ පාළම ඉදි කිරීම ඊයේ රාත්‍රී අවසන් කර තිබෙනවා.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන මහජනතාවට සහන සැලසීම සඳහා මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස සහ අතුරලිය ප්‍රදේශ වෙත නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් තුනක් (03) ස්ථානගත කිරීමට නාවික හමුදාව විසින් ඊයේ (24) කටයුතු කෙරුණු අතර, මේ වන විට එම සහන කණ්ඩායම් ආපදා සහන මෙහෙයුම් සිදු කරමින් සිටියි.
ජාතික සමගිය ආගමික සුහදත්වය සංහිදියාව වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත්ව සිදු කිරීම අරමුණු කර ගනිමින් ජාතික ඒකාබද්ධතා නිලධාරීන් සඳහා සන්නිවේදන සහ තාක්ෂණික උපකරණ බෙදාදීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී Julie .J. Chung මහත්මියගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය, පිහිටි ජාතික ඒකාබද්ධතා අංශ කාර්යාලයේදී ඊයේ (22) සිදුකෙරිණි.
11වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය කරාටේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ තරුශිකා සේනාරත්න වයස 21න් පහළ ක්‍රිලෝ ග්‍රෑම් 50 බර පංතිය තරග අංශයෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.
සිවිල් වැසියන්ට නිකුත් කර ඇති ගිනි අවි සම්බන්ධයෙන් විගණන කටයුතු ආරම්භ කරයි.
පසුගිය ජනවරම තුළ ජනතාව තැබු අපේක්ෂාවන් ඉටු කිරීමට වත්මන් රජය අපොහොසත් වුවහොත් ජනතාව සුබවාදී අනාගතයක් පිළිබඳ සිහින දැකීම ද අතහරින බවත්, ජනතා අපේක්ෂා ඉටු වන රාජ්‍යයක් නිර්මාණය කිරීමට රාජ්‍ය නිලධාරීන් කැපවිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඇතිවී ඇති ගංවතුර තත්ත්වය මත පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා අම්පාර, ත්‍රිකුණාමලය, අනුරාධපුර යන දිස්ත්‍රික්කයන් වෙත ආපදා සහන කණ්ඩායම් 10ක් නාවික හමුදාව අනුයුක්ත කළ අතර, එම සහන කණ්ඩායම් අද (30) දිනයේදීත් ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බවත් එහිදී යම් යම් පරීක්ෂා කිරීම් සහ අඩුපාඩු පෙන්වා දීම් මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්තියක් හුවමාරු වන බව නිරීක්ෂණය වී ඇති බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
රජයේ සහ රජයේ අනුමත පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා වන තෙවන පාසල් වාරයේ පළමු අදියර හෙට (22) දිනයෙන් අවසන් වේ.
Page 26 of 714