Friday, April 10, 2026
Follow Us
පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන් - යළි පාසල් ආරම්භය අප්‍රේල් 20

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව අද සිට එළැඹෙන 19 වනදා දක්වා මෙම නිවාඩුව ක්‍රියාත්මක වේ. 

ඒ අනුව දෙවන පාසල් වාරය අප්‍රේල් 20වන සදුදා ආරම්භ කිරීමට නියමිතයි.