Sunday, April 05, 2026
Follow Us
අලුත් අවුරුද්දේ ‘තෙල් වළං ලිප තැබීමේ නැකත’ අදයි

2026 වසරේ සිට සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට ‘තෙල් වළං ලිප තබන නැකැත’ එක්කර තිබේ.

ඒ අනුව එම නැකැත අද එනම් අප්‍රේල් මස 05 වැනිදා ඉරිදා පූර්වභාග 11.08 ට යෙදේ. රතු සහ කහ මිශ්‍ර හෝ තඹවන් පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා තෙල් වළං ලිප තබා එළැඹෙන සිංහල අවුරුද්දේ කැවිලි පිසීම ආරම්භයට සුදුසු බව සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද රාජ්‍ය අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් වේ.