ශ්‍රී ලංකාවේ සමස්ත අධ්‍යාපනයේ ප්‍රමිතිය ඉහළ නැංවීම උදෙසා අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරියගේ නිර්දේශ පරිදි අධ්‍යාපන සභාවක් පිහිටුවීමට යෝජනා වී ඇත.
එම අධ්‍යාපන සභාවේ අරමුණු ක්ෂේත්‍ර හතරක් ආවරණය කරන අතර නීති, තත්ත්ව සහතික කිරීම, වැඩසටහන් සහ ආයතන ප්‍රතීතනය කිරීම සහ අධ්‍යාපන වෘත්තිකයන් සහතික කිරීම ඒ තුළින් අපේක්ෂා කරයි.
මෙම කමිටු වාර්තාව මේ වන විට https://moe.gov.lk වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කර ඇති අතර, එහි නිර්දේශ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ පාර්ලිමේන්තු අනුකාරක සභාවේ සභාපති, මහින්ද ජයසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි මහජන අදහස් විමසීම මේ වන විට ආරම්භ කර ඇත.
එම අදහස් 2026.05.12 දිනට හෝ ඊට පෙර පහත ලිපිනය හරහා හෝ විද්‍යුත් තැපෑල මගින් ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය අපේක්ෂා කරයි.
තැපැල් ලිපිනය -
අතිරේක ලේකම් (ආයතන)
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, පැලවත්ත, බත්තරමුල්ල
විද්‍යුත් තැපෑල - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ෆැක්ස් - 0112784819