Saturday, April 18, 2026
Follow Us
දික්ඕවිට ගෙනා මත්ද්‍රව්‍ය කිලෝ 150ක් වටිනාකම රුපියල් කෝටි 400ක්

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් කෝටි 400කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය ඇති බවට වාර්තා වෙී තිබේ.

අදාළ මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණයට එක්වෙමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා මේ බව සඳහන් කළේය.

ඒ අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ පරීක්ෂාවේදී මෙම යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය හෙරොයින් බවට අනාවරණය වී ඇති අතර ඒ තුළ තිබී මත්ද්‍රව්‍ය කිලෝ 150කට අධික ප්‍රමාණයක් නිලධාරීන්  භාරයට ගෙන තිබෙන බවයි.

බහුදින ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් 04 දෙනෙක් සහ බහාලූ උර  6ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් අතර පසුගිය 16 දා සිදුකළ විශේෂ මෙහෙයුමක් අතර මෙම අත්අඩංගුවට ගැනීම් සිදු විය.