Thursday, April 16, 2026
Follow Us
 වාහනවල සවිකර ඇති අංක නිසි ප්‍රමිතියෙන් තොර නම් නීතිය ක්‍රියාත්මකයි
වාහනවල සවිකර ඇති අංක තහඩු නිසි ප්රමිතියට අනුකූල නොවන පරිදි සකසා තිබේ නම්, එවැනි වාහන පොලිස් භාරයට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා අද (16) පැවැති මාධ්ය හමුවකදී සඳහන් කළේය.
 
නියමිත ප්රමිතියට අනුකූල නොවන අංක තහඩු භාවිත කරන වාහන පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 15,000 සිට 25,000 දක්වා දඩ මුදලක් නියම කරන බව ද ඔහු පෙන්වා දුන්නේය.
තවද, පසුගිය කාලය තුළ නව වාහන සඳහා අංක තහඩු ලබාදීමේ ප්රමාදයක් පැවති බවත්, එය ඉදිරි සති කිහිපය තුළ විසඳාගත හැකි වනු ඇති බවත් ඔහු පැවසීය. අංක තහඩු නිසි ආකාරයෙන් සවිකරන ආකාරය පිළිබඳව මෝටර් රථ ප්රවාහ කොමසාරිස් කාර්යාලය විසින් වාහන හිමියන් දැනුම්වත් කර ඇති බව නියෝජ්ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.