Wednesday, August 12, 2026
Follow Us
කොච්චිකඩේ හෙට විශේෂ රථවාහන සැලැස්මක්
පාස්කු ඉරුදින ප්රහාරය සිදුවී වසර 07 ක් ගතවීම හේතුවෙන් හෙට (21) දින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පවත්වනු ලබන විශේෂ දේව මෙහෙයකට අදාළව විශේෂ රථ වාහන සැලැස්මක් ක්රියාත්මක කිරීමට නියමිතයි.

 

මෙම රථ වාහන සැලැස්මට අනුව හෙට (21) දින උදෑසන 7.00 සිට දේව මෙහෙය අවසන් වන තෙක් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අවට මාර්ගයන්හි අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කිරීම් සිදු කිරීමට කටයුතු කරනු ඇත.