උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින්තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුම්වූ බුදු දහමෙන් පෝෂණයවූ රටේ සංස්කෘතිය විනාශ කිරීමට කිසිදු දේශපාලනඥයෙකුට ඉඩ ලබාදිය නොහැකි බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
මෙරට අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 50%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ ජාතික සභා අනු කාරක සභාව පවසයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) රෙගුලාසි වලට පටහැනිව යමින් ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයන කිරීමේ සූදානමක් පවතින බව වර්තා වෙයි.
ආනයනික කිරි පිටි මිල ගණන් ඉදිරියේදී යළි ඉහළ යාමේ අවධානමක් පවතිනවා. ඊට හේතුවී ඇත්තේ නවසීලන්තයේ හා ඕස්ට්‍රේලියාවේ කිරිපිටි නිෂ්පාදනය සියයට 8 කින් පමණ පහත වැටී තිබීමයි.
ජනවාරි පළමුවැනිදා සිට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා බිඳ වැටීමේ අවදානමක් පවතින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන්ගේ සංගමය පවසනවා.
මෙම වසරේ ගතවූ මුල් මාස 10ක කාලය තුළ ආර්ථික අපහසුතා හේතුවෙන් පුද්ගලයින් රුපියල් බිලියන 193 කට වැඩි වටිනාකමකින් යුත් රන් භාණ්ඩ විවිධ ආයතනවලට උකස් කර ඇති බවට අනාවරණය වී තිබේ.
මේ දිනවල පවතින අධික ශීත කාලගුණයෙන් දරුවන්ට පහසුවෙන් රෝග බෝවීමේ හැකියාවක් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.
ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවට ආසන්න රටවල වායුගෝලයේ ඇතිවන වායු දූෂණ තත්ත්වයන්ගේ බලපෑම ඉදිරියේදී ද ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එහි පරිසර අංශයේ අධ්‍යක්‍ෂ සරත් ප්‍රේමසිරි පැවසුවේ සුළං ප්‍රවාහයේ ඇති වෙනස්වීම මත වායු දූෂණයේ බලපෑම ශ්‍රී ලංකාවට එල්ල වන ප්‍රමාණය වෙනස් විය හැකි බවයි.
දෙසැම්බර් 31 වනදායින් පසු දුම්රිය සේවය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු වන චමින්ද වාස් එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ වේග පන්දු පුහුණුකරුවෙකු ලෙස එක්වීමට නියමිතයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් අද එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ආනයනික 400g කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් පමණ ඉහළ දමා ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
බිත්තරයක් රුපියල් 50 ක මිලට ලබාදීමේ කිසිදු ගැටලුවක් නොමැති බව බිත්තර නිෂ්පාදකයින් පවසනවා. නිෂ්පාදන වියදමට අනුව එම මුදලට බිත්තරයක් අලෙවි කළ හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
පෙණහලු ආශ්‍රිත රෝගවලින් මියයන භාගෙට භාගයක්ම හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ පුද්ගලයන් බව සිදුකළ මරණ පරීක්‍ෂණවලදී හෙළිවී ඇතැයි කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂක නීතිඥ ඉරේෂා දේශානි සමරවීර මහත්මිය පවසයි.
Page 156 of 747