Sunday, May 11, 2025
Follow Us
දයාසිරි ජයසේකර එරෙහි පැමිණිල්ලක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා තමන්ට පහර දීමට උත්සාහ කර මරණීය තර්ජනය කළ බව පවසමින් එම පක්ෂයේ මාධ්‍ය ඒකකයේ නිලධාරියකු කුරුඳුවත්ත පොලිසිය වෙත අද 23 පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පෙරේදා 22 පැවති උත්සවයකින් අනතුරුව මෙම සිද්ධිය වී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

මන්ත්‍රීවරයා තමන්ට පහරදීමට උත්සාහ කළ බවත් එහිදී එහි සිටි පිරිස විසින් එය වැළකූ බවත් ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පදිංචි (31) පුද්ගලයකු විසින් සිදු කළ පැමිණිල්ලේ සදහන් වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

lankadeepa