හෝමාගම පිටිපන "ධර්ම රශ්මි" පොසොන් කලාපයට සමගාමීව පැවැත්වෙන සර්වඥ ධාතු ප්‍රදර්ශනය උදෙසා කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ විශේෂ ආරක්ෂිත පරිශ්‍රයක තැන්පත් කර තිබෙන මගින් නීලගිරි මහා සෑය ආශ්‍රිත කැණීම්වලින් සොයාගත් සර්වඥ ධාතූන් වහන්සේලා හෝමාගම ශ්‍රී සුගතබිම්බාරාම විහාරස්ථානයට වැඩමවීම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ලබාදී ඇති අමෙරිකානු ඩොලර් මිලියන 1,000 ක ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය තවත් වසරක කාලයක් සඳහා දීර්ඝ කර තිබේ.
උතුරේ තිබෙන පුරාවිද්‍යා ස්ථාන පිළිබඳව එම ප්‍රදේශයන් හී මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ වරින්වර ප්‍රශ්න මතුකෙරෙන බැවින් පවතින ගැටලු සාකච්ඡා කිරීම සඳහා, විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෙත්සිරිපාය සංස්කෘතික අමාත්‍යංශයේ දී පැවැත්විණි.
පොසොන් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් ජනාධිපති විශේෂ සමාව යටතේ සිරකරුවන් 440 ට නිදහස හිමිව ඇත.
පිරිස අතර කාන්තා රැඳවියන් 6 දෙන්නෙක් ද සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක පැවසීය.
සියලු බන්ධනාගාර ආවරණය වන පරිදි සිරකරුවන් ට මෙම නිදහස ලබා දී ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
දරුණු ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ඒමේ මාවතට පිවිසෙන තීරණාත්මක අවස්ථාවක රට තුළ විවිධ කණ්ඩායම් විසින් රටේ ආගමික ආරවුල් ඇතිකරමින් පවතින සාමකාමී තත්ත්වය කඩාකප්පල් කිරීමේ තත්ත්වයක් නිර්මාණය කිරීමට උත්සහ දරන බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
මිය ගිය දරුවා බලහත්කාරයෙන් රෝහලෙන් රැගෙන ගියා පියා හා මිය ගිය දරුවාට සිදු කළේ කුමක්ද පිළිබඳව කඩිනම් විමර්ශනයක් නුවරඑළිය පොලිසිය සිදු කරන බව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි පවසයි.
ශ්‍රී ලංකාව තුළ දුම්කොළ පරිභෝජනයේ ප්‍රශංසනීය අඩුවීමක් පෙන්නුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.
පසුගියදා කොළඹ පැවති උත්සවයකදී බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි නතාෂා එදිරිසූරිය රක්ෂීත බන්ධනාගාර ගතකර තිබේ.
රජයේ පූර්ණ අන්‍රග්‍රහය යටතේ මෙවර පොසොන් උත්සවය සැමරීමට කටයුතු යොදා ඇති බවත් ඊට රාජ්‍ය අනුග්‍රහයේ අඩුවක් කර නොමැති බවත් බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී රාජ්‍ය පොසොන් උත්සවය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
රටේ පැවති අර්බුදකාරී තත්ත්වය සහ කොවිඩ් ව්‍යාප්ති තත්ත්වය හමුවේ ආගමික වතාවත් සහ අනෙකුත් කර්තව්‍යයන් ජනතාවට සුපුරුදු පරිදි සිදුකිරීමට අවස්ථාවක් නොපැවති බව කියා සිටි බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ලාංකික ජනතාවට අතිශය වැදගත් වන පොසොන් උත්සවය සදහා මේ වන විට සියලු කටයුතු සම්පාදනය කර අවසන් බවද පැවසුවේය.
වෙසක් උත්සවයේ සමාජයේ පැවති පිබිඳීම තවදුරටත් උත්දීපනය කරමින් රජයක් වශයෙන් දිවයින පුරාම ආවරණය වන පරිදි විවිධ ප්‍රදේශ ප්‍රකාශයට පත් කර ඒ සඳහා රජයෙන් ලබාදිය යුතු දායකත්වය ලබාදී සියලු කටයුතු මේ වන විට සම්පූර්ණ වී ඇතැයිද සඳහන් කළේය.
තන්තිරිමලේ, සිතුල්පව්ව, හෝමාගම, ඉංගිරිය, ගම්පහ, හම්බන්තොට තිස්සමහාරාම, මහියංගනය, බදුල්ල ආදී “සෑම දිස්ත්‍රික්කයකම විශාල පොසොන් කලාප බවට පරිවර්තනය කර ඒ සඳහා දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, අන්‍ය ආගමික පූජක ප්‍රසාදීන් වහන්සේලා හා පෞද්ගලික අංශයේ ධානපතීන්ගේ දායකත්වය ඇතිව සියල්ල සංවිධානය කර ඇතැයිද පැවසුවේය.
ඊට සමගාමීව රජය විසින් ඉතාමත්ම දුෂ්කර විහාරස්ථාන වල අවශ්‍ය වන භෞතික සම්පත් සංවර්ධනය සදහා මිලියන 100ක ප්‍රතිපාදන වෙන්කර දැනටමත් එම විහාරස්ථාන සංවර්ධනයට අවශ්‍ය මූලික ප්‍රතිපාදන දිස්ත්‍රික් 25ම දිසාපතිවරුන්ට යොමුකර ඇතැයිද සඳහන් කළේය.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවයට මෙන්ම පොසොන් උත්සවයටත් පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද ප්‍රතිපාදන ප්‍රමාණය වන පොසොන් උත්සවය සදහා ලක්ෂ 30ක් සහ පෙරහැර කටයුතු සදහා ලක්ෂයක් වශයෙන් ලක්ෂ 31ක ප්‍රතිපාදන මුදලක් යොමුකර ඇතැයිද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
පවතින ආර්ථික තත්ත්වය අප සියලුදෙනාම අවබෝධ කරගනිමින් එම සීමිත ප්‍රතිපාදන වලින් හැකි අයුරින් උතුම් වූ පොසොන් උත්සවය සහයෝගයෙන් සැමරීමට කටයුතු කරන ලෙස බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම්වරයා ඉල්ලා සිටියේය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, සීතාවක සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස,කළ ඉල්ලීමක් අනුව අවිස්සාවේල්ල ග්‍රාමීය ප්‍රදේශ මගී ප්‍රවාහනය සඳහා නව බස් රථ 5ක් ධාවනයට එක්කිරීම ඊයේ (27)සිදු කෙරිණි.
බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නතාෂා එදිරිසූරිය හට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් බෘෘනෝ දිවාකර නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.
යුද්ධය හේතුවෙන් ඉන්දියාවට ගොස් නැවත පැමිණ නැගෙනහිර පළාතේ පදිංචි ජනතාවට හා පළාතේ සෙසු ජනතාවට පවතින ලේඛන සම්බන්ධ නීතිමය ගැටලු විසඳීම සඳහා පසුගිය 26 සහ 27 දෙදින පැවැත්වූ විශේෂ ජංගම සේවයේ පළමු දින වැඩසටහන අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවත්විණි.
කැකිරාවේ පාසලක පැවැති පිරිත් පිංකමක් අතරතුරදී කලහකාරි ලෙස හැසිරුණු බව කියන එම පාසලේ සිසුන් 07 දෙනකු කැකිරාව පොලිස් ස්ථානය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ.
ජපාන සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම විදෙස් සහ ආර්ථික ප්‍රතිපත්තිය පැහැදිළිව ලෝකය හමුවේ තැබීම ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට වෙරදරන ප්‍රයත්නයට මනා පිටිවහලක් සපයනු ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
ඩෙංගු මරණ අවම කර ගැනීමට රෝහල් කාර්ය මණ්ඩල දැඩි කැපවීමකින් කටයුතු කරමින් සිටින බව ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය දමයන්ති ඉඩම්පිටිය මහත්මිය පවසයි. ඩෙංගු වර්තමාන තත්ත්වය හා පාලනය සම්බන්ධයෙන් ඊයේ (28) පැවති සාකච්ජාවකදී ඒ මහත්මිය මේ බව සඳහන් කළාය.
වැලිගම, මදුරාගොඩ ප්‍රදේශයේ අද (27) පැවැත්වීමට නියමිතව තිබූ තම විවාහ උත්සවයකට සුදානම් වෙමින් සිටි මනාලියකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
වැලිගම පොලීසිය පැවසුවේ අද අලුයම 03ට පමණ ඇයගේ නිවසට පැමිණි පුද්ගලයෙකු විසින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලකර පළාගොස් ඇති බවය.
බරපතළ තුවාල ලබූ තරුණිය මේ වනවිට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.
ප්‍රහාරයට ලක්වූ තරුණිය මීට වසර කිහිපයකට පෙර වැලිගම මදුරාගොඩ ප්‍රදේශයේම පදිංචිව සිටි 31 හැවිරිදි තරුණයෙකු සමග ප්‍රේම සබඳතාවයක් පවත්වා ඇති අතර පසුව දෙමාපියන්ගේ විරුද්ධත්වය මත එම සම්බන්ධතාවය නවතා දමා තිබේ.
පොලීසිය පැවසුවේ, එයට පළිගැනීමක් ලෙස අදාළ තරුණයා විසින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ලකර ඇති බව අනාවරණය වී ඇති බවය.
Aruna
Page 155 of 771