Saturday, April 20, 2024
Follow Us
ශ්‍රී ලංකාව තුළ දුම්කොළ පරිභෝජනයේ ප්‍රශංසනීය අඩුවීමක්

ශ්‍රී ලංකාව තුළ දුම්කොළ පරිභෝජනයේ ප්‍රශංසනීය අඩුවීමක් පෙන්නුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.

එය බොහෝ දුරට වසංගත තත්ත්වය සහ ජීවන වියදමේ වැඩිවීම නිසා යැයි විශ්වාස කරන බව අමාත්‍යවරයා පැවසීය. ලෝක දුම්වැටි විරෝධී දිනය වෙනුවෙන් පැවැත්වූ වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මගින් පසුගිය මැයි 31 දිනට යෙදී තිබුණු ලෝක දුම්වැටි විරෝධී දිනය සැමරීම වෙනුවෙන් පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ගෝලීය වැඩිහිටි දුම්කොළ සමීක්ෂණයේ ප්‍රතිඵල එළිදක්වමින් සහතිකපත්‍ර ප්‍රදානයද මෙදින සිදු සිදුකෙරිණි.

දුම්කොළ හා දුම්වැටි ව්‍යාප්තිය නිරීක්ෂණය කිරීමේ වැදගත් පියවරක් ලෙස මෑතකදී ආරම්භ කළ ගෝලීය වැඩිහිටි දුම්කොළ සමීක්ෂණයේ ,සමීක්ෂණ ප්‍රතිඵල ලෙස මෙම දුම්කොළ පරිභෝජනය අඩු වීම පෙන්නුම් කරන බව අමාත්‍යවරයා කීය.

එහෙත් මෙම ගැටලුව තවමත් ශ්‍රී ලංකාවට අභියෝගයක් යැයි ද එය ජය ගැනීම සඳහා කුමන ආකාරයක වුවද දුම්කොළ පරිභෝජනය තවදුරටත් අඩු කිරීමට උත්සාහ ගත යුතු යැයිද ඒ මහතා පැවසීය.