Tuesday, April 21, 2026
Follow Us
පාසලේ පිරිත් පිංකමට ඇවිත් කලබල කළ සිසුන් අත්අඩංගුවට

කැකිරාවේ පාසලක පැවැති පිරිත් පිංකමක් අතරතුරදී කලහකාරි ලෙස හැසිරුණු බව කියන එම පාසලේ සිසුන් 07 දෙනකු කැකිරාව පොලිස් ස්ථානය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ.

කැකිරාව නගරාසන්න ප්‍රදේශයක ප්‍රසිද්ධ ජාතික පාසලක පැවැති පිරිත් පිංකමක් අතරතුරදී එම පාසලේම ඉගෙනුම ලබන සිසුන් පිරිසක් මෙලෙස කලහකාරි ලෙස හැසිරී ඇති බව පොලිසිය කියයි.

කලහකාරී ලෙස හැසිරී ඇති එම සිසුන්  පිරිත් මණ්ඩපයටද පහරදී අලාභහානි කිරීම කටයුතු කර ඇතැයි පැවැසේ.

මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ 11, 12  සහ 13, ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් බව පොලිසිය කියයි. 

Lankadeepa