Sunday, May 11, 2025
Follow Us

මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඓතිහාසික බුදුරුවගල වැව ආශ්‍රිතව සංචාරක බෝට්ටු සේවාවක් ආරම්භ කර තිබේ.

මෙම බෝට්ටු සේවාව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) ආරම්භ කෙරිණි.

මෙහිදී වැවේ ජැටිය විවෘත කිරීම හා බෝට්ටු සංචාරය සිදු කළ අතර බුදුරුවගල පූජා භූමිය තුළ සංචාරය සඳහා ද අමාත්‍යවරයා එක්විය.

මෙහිදී පූජා භූමියේ ප්‍රතිසංස්කරණය කළ යුතු දෑ පිළිබඳවද අවධානය යොමු විය.
ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමේ පරමාර්ථයෙන් සහ දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් මෙම බෝට්ටු සේවාව ආරම්භ කිරීමේ අරමුණියි.