පොලීසියෙන්යැයි පවසා කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේ නිවසකට ඇතුලුවී රුපියල් ලක්ෂ 18 කට අධික දේපළ කොල්ලකෑ සැකකරුවන් සොයා පොලීසිය විමර්ෂණ ආරම්භ කර තිබෙනවා.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඊයේ උදෑසන 06 යි 30 සිට උදෑසන 10 දක්වා සිදුකෙරුණු විශේෂ ප්‍රවේශපත්‍ර පරීක්ෂාවකදී වලංගු ප්‍රවේශපත්‍රයක් නොමැතිව දුම්රියේ ගමන්කළ 124 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සුඛෝපභෝගී සංචාරක නැව්වලින් පැමිණි විදේශීය සංචාරකයන් යාල වනෝද්‍යානය නැරඹීම නිසා වනජීවියට රුපියල් ලක්ෂ හැත්තෑ දෙකක (රුපියල් 72,01541) වාර්තාගත ආදායමක් ලැබී ඇත.
බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයට ඇතුල්වන දෙවැනි දොරටුව අසල පොළව යට වලදමා තිබියදි කුඩා ප්‍රමාණයේ ජංගම දුරකථන 05ක්, චාජර් 05ක් සහ සිම්කාඩ්පත් කිහිපයක් සොයාගෙන තිබෙනවා.
මහනුවර ප්‍රදේශ කිහිපයකට 08 දිනයේ පැය 08 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
පන්දුවක් මුඛයේ වැදීමෙන් තුවාල ලැබූ චාමික කරුණාරත්න ගාල්ලේ පිහිටි පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව නවාතැන් ගෙනසිටින හෝටලය වෙත ගොස් තිබේ.
Page 157 of 747