Friday, June 02, 2023
Follow Us
වැඩිම ඩෙංගු රෝගීන් බස්නාහිරින්

මේ වන විට ඩෙංගු රෝගීන් 34801 වාර්තා වී ඇති බවත් ඉදිරියේදී වර්ෂාපතනය වැඩි වුවහොත් මෙම තත්ත්වය තවත් වැඩි විය හැකි බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පැවසීය.

 ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹදී ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකදීය.

දැනට හමුවන රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර ත්‍රිකුණාමලය, මඩකලපුව සහ පුත්තලම ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

ඒ අනුව කොළඹ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ ඩෙංගු අධි අවදානම් කලාප 14ක් හඳුනාගෙන ඇති අතර දෙහිවල, කඩුවෙල, රත්මලාන, කොළොන්නාව, පිටකෝට්ටේ, ගොතටුව, ගම්පහ, දිවුලපිටිය, දොම්පේ, අත්තනගල්ල වැනි ප්‍රදේශ අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බවද ඒ මහතා කීවේය.

එමෙන්ම මේ වන විට මීගමුව, කොළඹ, උතුරු කොළඹ, දකුණු කොළඹ, මහනුවර, පානදුර, කරාපිටිය සහ රත්නපුර රෝහල්වලින් ඩෙංගු රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වන බව කී හෙතෙම දූමායනය මගින් පමණක් මදුරුවන් මර්දනය කිරීමට නොහැකි බවද පැවසීය.