Monday, February 23, 2026
Follow Us
ප්‍රථම ජාතික යොවුන් වූෂූ තරඟාවලිය ඇරඹේ

ප්‍රථම ජාතික යොවුන් වූෂූ තරඟාවලිය (2023) පළාත් නවයම නියෝජනය වන පරිදි කණ්ඩායම් සහභාගීත්වයෙන් මහරගම තරුණ සේවා සභාවේ දී ආරම්භ විය.

මෙහි ආරම්භක උත්සවය ක්‍රීඩා  හා යෞවන කටයුතු, වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙහි දී අමාත්‍යවරයා පැවසුවේ රටේ ක්‍රීඩාව දියුණු කිරීම සඳහා කිසිවෙකු නොපැමිණෙන අතර අප රටේ ක්‍රීඩාව අපිම දියුණු කළ යුතු බවයි.

ශ්‍රී ලංකා - චීන ජාතීන් අතර මිත්‍රත්වය වර්ධනය කිරීමට වූෂූ ක්‍රීඩාව ඉවහල් වී ඇති බව මෙහි දී චීන තානාපති චී ෂෙන්හොං මහතා ප්‍රකාශ කරයි