Saturday, July 04, 2026
Follow Us

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද (12) සිට සති දෙකක කාලයක් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ක්‍රියාවට නැංවීමට නියමිතය.

ජනතාව දැනුවත් කිරීම හා බෝවන ස්ථාන හඳුනා ගැනීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක වනු ඇත.

මැයි මස 26 වනදා දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් මදුරුවන් බෝ වන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි ප්‍රකාශ කළේ ය.