ආණමඩුව වෙම්බුවැව පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු ඔහුට අයත් දෙමහල් නිවෙසේ උඩුමහලේ ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන සිටියදී ඊයේ (22) හමු වූ බව ආණමඩුව පොලිසිය සඳහන් කළේය.
සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණ.
රටවල් ගණනාවක සෞඛ්‍ය සේවාවන් පිළිබදව කටයුතු කර තමන් ලත් අත්දැකීම් මත එම රටවල සෞඛ්‍ය දර්ශක සමග මෙරට සෞඛ්‍ය සේවාව සංසන්දය කිරීමේ දී මෙරට සෞඛ්‍ය සේවාව අග්නිදිග ආසියාවේ හොදම සෞඛ්‍ය දර්ශක තිබෙන රට ලෙස පෙන්වා දිය හැකි බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුමට විසඳුම් ලබා දීමේ අරමුණින් තායිලන්තයේ Save Elephant Foundation මගින් අනුරාධපුර ඇලයාපත්තුව කුඩාහල්මිල්ලෑව ගම්මානයේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට එහි නිලධාරීන් පිරිසක් නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
මෙරට ඇති වූ සුවිශේෂ තත්ත්වයන් සමග හදිසි මිලදී ගැනීම් සිදු කිරීමට සිදු වූ නමුත් ඇති වූ සමහර ගැටලු හේතුවෙන් හදිසි මිලදී ගැනීම් මේ වනවිට සම්පූර්ණයෙන් නවතා තිබෙන බව සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. වෛද්‍ය සැපයීම් පිළිබදව ප්‍රසම්පාදන කටයුතු වඩාත් යථාවත් කොට විනිවිදසුළු භාවයෙන් සිදු කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රධාන අවධානයක් යොමු කර තිබෙන බවත්, ඒ වෙනුවෙන් යම්කිසි කාලයක් ගතවන බැවින් ඒ පිළිබදව විශ්වාසය තබන ලෙස අමාත්‍යවරයා සඳහන් කරයි.
කටුනායක ගුවන්තොටුපලේ ගුවන් පාලන කටයුතු නවීකරණය කිරීමේ නව වැඩපිළිවෙළ යටතේ රුපියල් බිලියන 1.2 ක් ආයෝජනය කර ප්‍රධාන ගුවන් පාලන කුළුන සහ රේඩාර් මධ්‍යස්ථානය පූර්ණ ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීම ආරම්භ කර ඇත.
උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇළ, උඩුවර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය ආසන්නයේ නායයෑමක් සිදුව තිබෙන බව වාර්තා වෙයි.
පාසල් සිසුවෙක්ට අකුණුසැර වැදීමක් සමඟ ඇති වූ කම්පන තත්ත්වයක් හේතුවෙන් ඊයේ (22) රාත්‍රියේ ජිවිතක්ෂයට පත් ව තිබේ.
හාලිඇල උඩුවර 6 කනුව කැන්දගොල්ල පතන ප්‍රදේශයේ නිවසක් මතට අද (22) පස්වරුවේ පස්කන්දක් කඩා වැටීමෙන් තරුණියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත.
අලි මිනිස් ගැටුම විසඳීම සඳහා කෙටිකාලීන හා දිගුකාලීනව වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සඳහා වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනමින් කටයුතු කළයුතු බවත් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
අමාත්‍යවරිය මෙම උපදෙස් ලබා දුන්නේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අලි උවදුර අවම කරලීම ගතයුතු ක්‍රියාමාර්ග සහ වන ජීවී බල ප්‍රදේශ හේතුවෙන් ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී ඊයේ පැවති විශේෂ සාකච්ඡාවේදීය.
දීර්ඝ කාලයක සිට වන සංරක්ෂිත ප්‍රදේශ තුළ ගොවිතැන් කටයුතු සිදු කරන , පාරම්පරික කර්මාන්තයන්හි නියැලෙන හා ජීවත්වන ගැටලු විසඳීම සඳහා ඔවුන්ගේ ඉඩම් හිමිකම් පිළිබඳ තොරතුරු කඩිනමින් අන්තර් අමාත්‍යංශ අනුකමිටුව වෙත දිස්ත්‍රික් ලේකම් මගින් යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නේය.
ජනගහනය වැඩිවීමත් , අලි ගහනය වැඩිවීමත් සීමිත භූමියක් ඇති ලංකාව වැනි රටකට බරපතළ අභියෝගයක් බව තේරුම් අරගෙන කටයුතු කළ යුතු බව එහිදී අමාත්‍යවරිය අවධාරණය කළේය.
Page 130 of 768