Saturday, July 27, 2024
Follow Us
මතට ලොල් වූවන් පුනරුත්ථාපනය සඳහා නව වැඩපිළිවෙළක්

බන්ධනාගාර තුළ පවතින අධික තදබදය අවම කර ගැනීමේ අරමුණින්  මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා පුනරුත්ථාපන කාර්යාංශය යටතේ පවතින මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට අදාළව පවතින නිර්ණායක සංශෝධනය කිරීමට අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මේ වන විට බන්ධනාගාරගත මුළු රැඳවියන් ප්‍රමාණය 26,574ක් පමණ වන අතර, ඉන් 14,130 දෙනෙකු මත්ද්‍රව්‍ය වැරදිවලට දඬුවම් ලැබූ හෝ ඒ සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අය බවට අනාවරණය වේ. එමනිසා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව පුනරුත්ථාපනය සඳහා යොමුකරනු ලබන රැඳවියන්ගේ උපරිම වයස් සීමාව අවුරුදු 45 සිට 60 දක්වා වැඩි කිරීමට අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පියවර ගෙන ඇත.

පුනරුත්ථාපනය සඳහා රැඳවියන් යොමුකිරීමේ දී පුනරුත්ථාපන නඩුවට අමතරව ඔවුන් හට ගොනුකර ඇති අනෙකුත් නඩු අවසන් වූ විට පමණක් පුනරුත්ථාපන ක්‍රියාවලිය සඳහා යොමු කළ යුතු බවට පැවති නිර්ණායකය ද සංශෝධනය කර තිබේ.