Saturday, July 27, 2024
Follow Us
ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ විවෘත විද්වත් කතිකාවක්

ක්‍රීඩාවල යෙදීමේදි තහනම් ද්‍රව්‍ය භාවිතය වැලැක්වීම සඳහා පාර්ලිමේන්තු පනතකින් බලය හිමිකර දී ක්‍රියාත්මක වන ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනය ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යයතනයයි.

ඒ අනුව එම ආයතනයේ දසවස් පූර්ණ සංවත්සරයට සමගාමීව තහනම් ද්‍රව්‍ය භාවිතයෙන් තොර පිරිසිදු ක්‍රීඩා පරිසරයක් ගොඩනැංවීම අරමුණු කරගනිමින් ක්‍රීඩකයින් හා ක්‍රීඩාවට සම්බන්ධ සෙසු පාර්ශවකරුවන් සමග පවතින සහයෝගිතාව ප්‍රවර්ධන කර ගැනීමට අපේක්ෂා කරමින් ශ්‍රී ලංකා උත්තේජ මර්දන නියෝජ්‍යායතනය දසවන සංවත්සරය නිමිති කර ගනිමින් විශේෂ විද්වත් කතිකාවතක් පසුගියදා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ.

මෙම විද්වත් කතිකාවතේ විද්වත් කමිටුව කියේජනය කරමින් මහාචාර්ය අර්ජුන ද සිල්වා (සභාපති ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය), මහාචාර්ය රේණුක සිල්වා (ජේෂ්ඨ කතිකාචාර්ය වයඔ ව්ශ්වවිද්‍යාලය)  අනෝමා රත්නායක මහත්මිය (කතිකාචාර්ය ක්‍රීඩා විද්‍යා හා ශාරීරික දෙපාර්තමේන්තුව කැලණිය ව්ශ්වවිද්‍යාලය,  ශියානි කුලවංස (හිටපු ඔලිම්පික් ක්‍රීඩිකා) මහාචාර්ය චතුරංග රනසිංහ (ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය කොළඹ ව්ශ්වවිද්‍යාලය) සහභාගී වූහ.

මෙම කතිකාවත තුළින් ක්‍රීඩකයින් ක්‍රීඩාවට සම්බන්ධ වෙනත් පාර්ශවයන් උදෙසා අවශ්‍ය නිවැරදි පෝෂණ රටා තහනම් ද්‍රව්‍ය භාවිතයෙන් තොරව ක්‍රීඩා කිරීමේ වැදගත්කම ඖෂධ සහ ආහාර අතිරේක භාවිතය සහ ක්‍රීඩාමය ආකල්ප සංවර්ධනය හා ක්‍රීඩා ආබාධ වර්ධන කිරීම පිළිබඳ කරුණු සාකච්ජා කෙරිණි.

මෙම විද්වත් කතිකාව සඳහා සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා ‌යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා, ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහන දිසානායක මහතා, විවිධ ක්‍රීඩා සංගම් නියෝජනය කරමින් ජාතික තලයේ ක්‍රීඩකයින්, පාසල් ක්‍රීඩකයින් විශ්වවිද්‍යාල, ක්‍රීඩකයින්, ක්‍රීඩා වෛද්‍යවරු, ක්‍රීඩා පෝෂණවේදීන් සහ ක්‍රීඩාවට සම්බන්ධ වෙනත් පාර්ශවයන් නියෝජනය කරමින් 400කට අධික පිරිසක් සහභාගී වූහ.