Saturday, February 14, 2026
Follow Us
අල්ලස් ගත් කළුතර දිසා අධිකරණයේ සේවකයෙකු අත්අඩංගුවට

කළුතර දිසා අධිකරණයේ කාර්යාල සහයකයෙකු අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් බව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

එම අධිකරණයේ විභාග වූ ඉඩම් නඩුවට, තීන්දු පිටපත ලබා දීම වෙනුවෙන් පැමිණිලිකරුගෙන් රුපියල් 3,200ක මුදලක් ඔහු ලබා ගෙන තිබේ.

අධිකරණ සංකීරණය තුළ දී එය ලබා ගැනීමට යාමේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Aruna