මෙවර අලුත් අවුරුද්දේ විදේශිකයින් සම්බන්ධ කර ගනිමින් අවුරුදු උත්සව සංවිධානය කර ආකාරයක් දක්නට ලැබෙන අතර මෙරට සංචාරක ආකර්ශනය ප්‍රවර්ධනය කිරිම වෙනුවෙන් දරන ප්‍රයන්තයක් ලෙස මෙය හැඳින් විය හැක.
ඒ් අනුව විදේශිකයන් සඳහා වෙන්වූ අලුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරුළු පැළදුවාය.
කොට්ට පොර, කඹ ඇදීම, බනිස් කෑම සහ කනාමුට්ටිය බිදීම ඇතුළු තරග රාශියක් මෙහි ඇතුලත්ව තිබූ අතර , විදේශිකයන් ඉතා උනන්දුවෙන් ඒ සදහා සහභාගි වන අයුරු දැකගත හැකිවිය.
අලුත් අවුරුදු සඳහා ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද (15) සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලාගිය ජනතාවට යළි පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන සේවා හෙට (17) දිනයේ ක්‍රියාත්මක ජාතික ගමනාගමන කොමිසම පවසයි.
අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට ප්‍රධාන නගරවල සිට විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.
රිලවුන් මෙන්ම මොනරුන්ද අපනයනය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට බටහිර දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස ඊයේ (15) රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 62 කට අධික තොගයක් රැගත් ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය අංශයේ ආයතන ගණනාවක කාර්ය මණ්ඩලවල එකමුතුවෙන් සියලු ශ්‍රී ලාංකිකයන්ට විවෘත තරග හා විදේශිකයන් සඳහා තරගවලින් සමන්විතව පැවැත්වෙන “වසත් සිරිය 2023” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් 22 වන සෙනසුරාදා කොළඹ ගාලු මුවදොර හරිත භූමියේ දී පැවැත් වේ.
විශේෂ අවශ්‍යතා ඇති යුවළකගේ විවාහ උත්සවයක් කළුතර, වලල්ලාවිට ප්‍රදේශයෙන් වාර්තා වුණි.
ශ්‍රී ලංකාවේ රිළවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබා දෙන ලෙස චීන නියෝජිතයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.
අධික උෂ්ණත්වය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට පහත පියවර දැඩි අවධානයෙන් අනුගමනය කරමු.
මෙරට සංචාරය කරන විදේශීය සංචාරකයින්ට අලුත් අවුරුද්ද හා බැදුණ දේශීය සංස්කෘතික අංගයන්හි අත්දැකීම් ලබාදෙන"New Year in Paradise 2023" අලුත් අවුරුදු උත්සවය, අමාත්‍ය මනුෂ නානායක්කර මහතාගේ ප්‍රධානත්වයෙන් උණවටුන මුහුදු තීරයේදී අද (15) උදෑසන පැවැත්විණි.
දියේ ගිලීමෙන් ශ්‍රී ලාංකික පියකු සහ ඔහුගේ පුත්‍රයා අවාසනාවන්ත ලෙස ඔස්ට්‍රේලියාවේදී ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙයි. බටහිර කෙයාර්න්ස්හි ක්‍රිස්ටල් දිය ඇල්ල ආසන්නයේ පිහිනුම්වල යෙදී සිටියදී දියේ ගිලී තිබෙන අතර පාස්කු නිවාඩුව ගත කිරීම සඳහා එහි ගොස් තිබෙන බවට අනාවරණය වී ඇත.
ගාල්ල, නෙළුව ප්‍රදේශයේ දී අතුරුදන්ව සිටි කුඩා දරුවාගේ මළසිරුර සොයා ගැනීමට හැකි වී තිබේ.
අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය හෙට (16 ඉරිදා) පූර්වභාග 9.41ට රතු සහ කහ මිශ්‍ර (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද පයට නුගපත් ද තබා ඉඹුල්පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම යෝග්‍ය වේ.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අද (13) , හෙට (14) අනිද්දා (15) රැඳවියන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.
Page 131 of 740