ශ්‍රම වෙළඳපොලට ගැළපෙන පරිදි උසස් අධ්‍යාපනයට ඇති අවස්ථා පුළුල් කිරීම සිදුකළ යුතු බව අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස් වූ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා සහ එම ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධාරණය කෙරිණි.
උත්සව සමයේ දරුවන්ට ගිනිකෙළි භාවිතයට ඉඩ නොදෙන ලෙස ජාතික අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුරත්න මහතා අවධාරණය කරයි.
කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබන පාස්කු දිනය අදට (09) යෙදී තිබේ.
දෙවියන් වහන්සේගේ පුතණුවන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුස ගස තුළ සිය ජීවිතය පූජා කර දින 3 කට පසු උට්ටානය ලැබීම පාස්කු මංගල්‍යය ලෙස කිතුණුවන් සමරනු ලබයි.
මේ අතර පාස්කු දිනය නිමිත්තෙන් සියලු දේවස්ථානවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක් කිරීමට ද පියවර ගෙන තිබෙන බව පොලීසිය සඳහන් කරයි.
2018 සහ 2022 වර්ෂ සඳහා හජ් නියෝජිත ආයතන විසින් හජ් වන්දනාකරුවන් වෙනුවෙන් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වෙත ගෙවන ලද රක්ෂණ ආරක්ෂක තැන්පතු මුදල මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා හජ් කමිටුව එක්ව අදාළ ආයතන වෙත විධිමත් ලෙස නිදහස් කර තිබේ.
විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අයදුම් කළ ජනතාවට ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
2023 ජාතික පොසොන් උත්සවය පැවැත්වීම පිළිබඳ සාකච්ජාව මිහින්තලා පුදබිම මැද මළුවේ දී පසුගිය දා පැවැත්විණි. ඒ මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ අනුශාසනා පරිදි අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා එන්.ජී අබේසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන්.
2023 අප්‍රේල් මස 14 වන දිනට යෙදෙන අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමේ නැකතට සමඟාමීව පැළයක් සිටුවා “අවුරුද්දට සිරිතක් - පරිසරයට පැළයක්” වැඩසටහන සමඟ එක්ව පරිසරය සුරැකීමේ මාහැඟි කාර්යයට එක්වන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය සියලුම ලක්වාසීන්ගෙන් ඉල්ලා සිටී.
උත්සව සමයේ රාජකාරින් සඳහා විශේෂ කණ්ඩායම් යොදවා ඇති අතර නිවාඩු දිනවල ඇතුළුව අවශ්‍ය අවස්ථාවල රාත්‍රි කාලයේ ද අධිකාරියේ නිලධාරීන් රාජකාරින් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
පාරිභෝගික කටයුතු මත අධිකාරිය ඊයේ (07) දිවයින පුරා වැටලීම් 151 ක් සිදුකර ඇති අතර බිත්තර සම්බන්ධව වැටලීම් 51 ක් ද පමණ සිදු කර තිබේ.
ඇෆ්ගනිස්ථානයේ හේරත් පළාතේ උද්‍යාන හෝ හරිත අවකාශ සහිත අවන්හල්වලට කාන්තාවන් ඇතුළු වීම තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉකුත් දින 5 තුළ දිවයින පුරා සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 25 දෙනෙකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ තල්දූව පැවසීය.
මධ්‍යම රජයේ කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළුව සියලුම පළාත් කෘෂිකර්ම ආයතනවල සේවය කරන කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ නිලධාරින්හට දීර්ඝකාලීන විදේශගතවීම් සඳහා තම අනුමැතිය ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.
වෙසක් උත්සවය චක්‍රලේඛවලට සීමා නොකරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
කොවිඩ් 19 ආසාදිත ගැබිණි මව්වරුන් දෙදෙනෙකුගේ බිළිඳුන්ගේ මොළයට හානි වී ඇති බවට පළමුවරට තහවුරු වී ඇති බව වාර්තා වී තිබේ.
රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවන් ඇතුළු විද්‍යුත් හා සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය කෙරෙන ගීත නිර්මාණයන් සඳහා අදාල ආයතන විසින් කතෘභාග ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු ඊයේ (06)වනදා වෙළෙඳ අමාත්‍යාංශයේදී කලාකරුවන් රැසක් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබේ .
නාවික හමුදාව පසුගිය වසරේ ජනවාරි සිට මේ දක්වා උතුරු මුහුදේ කළ මෙහෙයුම් මඟින් සැකකරුවන් 486 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
අ.පො.ස. උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් මේ වනවිට ගුරු වෘත්තීය සමිති ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති අතර විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ද උත්තර පත්‍ර ඇගයීමේ ක්‍රියාවලියට එක්වීම සඳහා කඩිනමින් ප්‍රතිචාර දක්වනු ඇතැයි ලක්ෂ සංඛ්‍යාත දරුවන් ඇතුළු දෙමව්පියන්ගේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ අපේක්ෂාව අධ්‍යාපනය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Page 132 of 740