විශේෂ බලයක් තමන්ට ඇති බව පවසමින් කට්ටඩියන් ලෙස කටයුතු කරන පුද්ගලයින් ගැන දකුණු ආසියානු රටවලින් බහුතරව අසන්නට ලැබෙයි.
නඩත්තුව සඳහා මහා භාණ්ඩාගාරය විසින් මුදල් ලබා නොදීම නිසා පවත්වාගෙන යාම අභියෝගයක්ව තිබූ සුවසැරිය ගිලන් රථ සේවාව තවදුරටත් පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික ආයතන හතළිස් එකක් සහ දානපතින් එකඟතාව පළ කර ඇත.
රුපියල් හත්දහසකට මිලදී ගත හැකි "ගැන්සයික්ලෝවියන්" නමැති ප්‍රති වයිරස එන්නත රුපියල් හැත්තෑහත්දහසකටත්, රුපියල් දෙසීයකට ඇති "ලිනොසොලිඩ්" නමැති ප්‍රතිජීවකය රුපියල් දෙදහස් දෙසීයකටත් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වන බවට සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරන බව වාර්තා වෙයි.
යුරෝපයට පැන යාමේ අදහසින් කූඨ ලෙස සකස් කළ ඩොමිනිකානු ජනරජයේ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ ඉරාක ජාතික තරුණයෙකු සහ ඔහුගේ පියා අද (07) යළි පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ .
වකුගඩු බද්ධ කිරීම සම්බන්ධයෙන් සිදු වූ ආන්දෝලනාත්මක සිද්ධීන්වලට සම්බන්ධ බොරැල්ල, Òවෙස්ටර්න් රෝහලÓ විසින් සිදු කර ඇති සැත්කම්වලට අදාළ ලේඛන ව්‍යාජ තොරතුරු ඇතුළත් ඒවා බව ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අභියාචනාධිකරණයට පසුගියදා (03) දන්වා සිටියේය.
මෙම රෝහලේ වකුගඩු සැත්කම් දහසක් පමණ සිදු කර ඇති අතර, එම සැත්කම්වලට සිදු කළ විමර්ශන අවසන් වී ඇති බවත් නීතිපතිවරයා සඳහන් කළේය.
බොරැල්ල, ‘වෙස්ටර්න් රෝහලේ‘ සිදු කරන වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් අත්හිටුවීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගත් තීරණයට එරෙහිව එම රෝහල ගොනු කර ඇති පෙත්සම
කැඳවූ අවස්ථාවේ දී අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෲ මහතා මේ බව සඳහන් කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු එම්. ඒ. ආර්. මරික්කාර් යන මහත්වරුන් ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදි.
එහි දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේ සිය සේවාදායකයාගේ රෝහලේ වකුගඩු සැත්කම් අත්හිටුවීමට නිකුත් කර ඇති ලිපිය නිසා විශාල අසාධාරණයක් සිදු වී ඇති බවත් එම රෝහලේ සියලු කටයුතු මේ වන විට අකර්මණ්‍ය තත්ත්වයට පත්වී ඇති බවත්ය.
රෝහලේ සේවකයන් එකසිය හැත්තෑ දෙනකුට පමණ මේ වන විට රැකියා අහිමි වීමේ අවදානමක් ඇති අතර, මේ මස වැටුප පවා ගෙවා ගත නොහැකි තත්ත්වයකට පත්වී ඇති බව ඒ මහතා සඳහන් කළේය.
එබැවින් ලිපිය අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඒ මහතා ඉල්ලා සිටියේය.
එහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ මහතා සඳහන් කළේ මෙම රෝහල සම්බන්ධයෙන් සත් දෙනකුගෙන් සමන්විත කමිටුවක් මඟින් විශේෂ විමර්ශනයක් සිදු කර ඇති බවත් එම විමර්ශන කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර, අදාළ වාර්තාව විරෝධතා සමඟ අධිකරණයට ඉදිරිපත් කරන බවත්ය.
ඒ අනුව කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා අප්‍රේල් මස 18 වැනිදාට පෙර ගොනු කරන ලෙස නියෝග කළ අතර, ඊට එරෙහි ප්‍රතිවිරෝධතා අප්‍රේල් මස 24දා හෝ ඊට පෙර ගොනු කරන ලෙසට නියම කළේය.
මැයි මස හතර වැනිදා මෙම පෙත්සම නැවත කැඳවීමට තීරණය කෙරිණි.
වකුගඩු බද්ධ කිරීම සම්බන්ධයෙන් සිදු වූ ආන්දෝලනාත්මක සිද්ධීන් කිහිපයක් මත බොරැල්ල, Òවෙස්ටර්න් රෝහලේÓ සිදු කරන වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් අත්හිටුවීමට තීරණය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිපියක් නිකුත් කළේය.
මෙම ලිපිය නිකුත් කිරීමට පෙර කිසිදු විමර්ශනයක් සඳහා සිය රෝහල කැඳවා නැති බව ද මූලික විමර්ශනයකින් තොරව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගනු ලැබූ මෙම තීරණය අසාධාරණ සහ අත්තනෝමතික සහ ස්වාභාවික යුක්ති මූලධර්මයට පටහැණි බව ද පවසමින් එම තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර ඇත.
නීතිඥ සංජීව කලුආරච්චි මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා සහ හෆීල් පාරිස් සහ සහීඩා බාරී යන නීතිවේදීහු පෙත්සම්කාර රෝහල වෙනුවෙන් පෙනී සිටියහ.
Dinamina
ඩෙංගු ඇන්ටිජන් හා පූර්ණ රුධිර ගණන පරීක්ෂාව සඳහා රෝගීන්ගෙන් වැඩිපුර රුපියල් 1450 ක මුදලක් ලබාගත් දෙහිවල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට රුපියල් ලක්ෂ 15 ක දඩයක් නියම කර තිබෙන බව වාර්තා වෙයි .
විකසිත යෞවනයේ තේමා ගීතය “සහෝ” සිනමා කෘතියේ මංගල දර්ශනය ඊයේ (06) කොළඹ දී තිරගත විය.
බත් පැකට්ටුව, කොත්තුව සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද (05) සිට 20%කින් අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.මෙම මිල අඩු වීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.
අලුත් අවුරුදු සමයේ සහ නත්තල් සමයේ රියඅනතුරු වැඩි වශයෙන් සිදු වන බව ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත් දායක ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග ආරක්ෂාව පිළිබඳ විශේෂඥ කමිටුවේ සාමාජික ආචාර්ය සංජය පෙරේරා පවසයි.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යාමට ලංගම හා පෞද්ගලික බස් රථ හත්දහසක් යොදවා තිබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා පැවසීය.
බක් මස පුර පසළොස්වක පුන් පොහොය අදට යෙදී ඇති අතර මෙදින ද ශාසන ඉතිහාසයේ සුවිශේෂි පුන් පොහෝ දිනයක් ලෙස ඉතිහාසයේ සඳහන් වේ.
ඉදිරියට යාමට නම් සියලු ජනතාව ජාතික සංවර්ධනය වෙනුවෙන් එකමුතු වී සහජීවනයෙන් කටයුතු කළ යුතු බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
ආයුර්වේද සම්බාහන ශිල්පීන් උදෙසා ජාතික වෘත්තීය නිපුණතා මට්ටම් 04 (NVQ LEVEL 04) සඳහා ජාතික ආයුර්වේද සම්බාහන විෂය නිර්දේශය හඳුන්වා දී තිබේ.
එළැඹෙන උත්සවය සමයේ ගෘහ ආශ්‍රිත සුළු නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයින්ට කිසිදු මුදලක් ගෙවීමකින් තොරව මාර්ග දෙපස වෙළදාම් කිරීමට අවස්ථාව ලබා දී ඇති බව මහාමාර්ග හා ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ් සම්බන්ධයෙන් එම වෙළෙඳුන් රජයට ස්තූතිය පළ කර සිටිති.
බදුල්ල ධර්මදූත මහ විදුහල සහ ඌව විදුහල අතර පැවති අන්තර් පාසල් වාර්ෂික ක්‍රිකට් තරගයට සමගාමීව සංවිධාන කළ රථ පෙළපාළියකදී කැබ් රථයක් පෙරළීයෑමෙන් සිසුන් දෙදෙනෙකු මියගොස් තවත් සිසුන් 06දෙනෙකු තුවාල ලබා තිබේ.
Page 133 of 740