Thursday, April 23, 2026
Follow Us
උඩරට දුම්රිය මාර්ගයේ නායයාමක්

උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇළ, උඩුවර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය ආසන්නයේ නායයෑමක් සිදුව තිබෙන බව වාර්තා වෙයි.

 

මෙම නාය යාම ඊයේ රාත්‍රියේ සිදු වූ බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය නැවත දැනුම්දෙන තුරු නානුඔය දක්වා සීමා කර තිබේ.

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග දුම්රිය මාර්ගයට ගල් පෙරළීම් සහ පස් කදු කඩා වැටීම් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.