Saturday, July 27, 2024
Follow Us
‘දීඝවාපිය භාරකාර අරමුදලට ’රු.මිලියන 04ක පරිත්‍යාගයක්

දීඝවාපිය මහාසෑයේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු සදහා රුපියල් මිලියන 4 ක මුදල් පරිත්‍යාගයක් චන්ද්‍රා සිල්වා මහත්මිය විසින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේදී පසුගියදා  භාරකතෘ සහ පළමුවන භාරකරු “ දීඝවාපිය අරුණභාරය” වන ආරක්‍ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්න වෙත භාරදීම සිදුවිය.

එම මහත්මිය විසින් 2022 මාර්තු මාසයේදී ද රුපියල් මිලියන 2ක මුදල් පරිත්‍යාගයක් දීඝවාපිය ප්‍රතිසංස්කරණ කටයුතු සදහා ලබා දී ඇත.

මෙම මහගු පුණ්‍ය කටයුත්ත සදහා චන්ද්‍රා මහත්මිය සමග ජනක සිල්වා මහතා සහ මනෝජිකා ද සිල්වා මහත්මිය ද සහභාගි විය.