Sunday, February 22, 2026
Follow Us
Social and Equity

ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ජ්‍යෙෂ්ඨ ගුවන් නියමු උත්පල කුමාරසිංහ ඉතිහාසගතවන මතකයක් ඉතිරිකරමින් සිය සහෘද සේවකයින්ගේ හරසර මැදින් ගුවන් නියමුවෙකු ලෙස වසර 40ක සිය සේවය ඊයේ (31) නිම කළේය.

Social and Equity

නුවරඑලිය වසන්ත සැණකෙළිය අප්‍රේල් මස 1වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වීමට නුවරඑළිය මහ නගර සභාව සියලු කටයුතු සුදානම් කර තිබේ.

Social and Equity

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ අවසන් කටයුතු එළැඹෙන සෙනසුරාදා සවස 5ට බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

Social and Equity

ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්ප්‍රාප්ත වී තිබේ.

Social and Equity
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී, නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ විදේශ රැකියාවට යොමුවන කාන්තාවන් අප්‍රේල් 01 වැනිදා සිට තානාපති කාර්යාල සුරක්ෂා නිවාසවලට භාරනොගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි. 
Social and Equity

මෙවැනි ලප කැලැල් ඔබේ සිරුරේ දුටුවහොත් ඔබ බොහෝ වෙලාවට සිතනු ඇත්තේ එය සුළු දද කුෂ්ඨ රෝගී තත්ත්වයක් හෝ අළුහම් තත්ත්වයක් ලෙස නොවේ ද?

Social and Equity

බෝ නොවන රෝග වලින් මිදීම සඳහා ක්‍රියාශීලීභාවය ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරින් බාලසිංහම් මහත්මිය පැවසුවාය.

Social and Equity

හෙක්ටර් කොබ්බෑකඩුව ‌ ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය විසින් ඊයේ (29) මෑතක දී සිදු කරන ලද පර්යේෂණ කිහිපයක වාර්තා 05ක් එළිදක්වනු ලැබීය.

Social and Equity

මෙම වසරේදී රුපියල් මිලියන 648ක් වැය කරමින් නිවාස ඒකක 864ක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “සැමට නිවහන” ව්‍යාපෘතිය යටතේ එම නිවාස ඒකක ඉදිකිරීමට අපේක්ෂිතයි.

Social and Equity

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයන් (ප්‍රතිශක්තිකරණවේද විද්‍යාඥයන්) හය දෙනා අතරට තේරී පත්ව ඇත.

Social and Equity

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පෙනහළු සහ හෘදයයන අවයව 02ම එකවර රෝගියෙකුට බද්ධ කළ අතර මෙය කොළඹ ජාතික රෝහලේ මෙන්ම ශ්‍රී ලංකාවේ සිදුවූ සුවිශේෂී සිදුවීමක් බව ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා පවසයි.

Social and Equity

අලුත් අවුරුදු සමය වෙනුවෙන් වෙළදපලේ විශේෂ වැටලීම් මේවනවිට ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් එස් අයි බෝපිටියගේ පැවසුවේ ආහාර සුරක්ෂිතතාවය සඳහා විශේෂ වැඩසටහන් රැසක් මේ වනවිට ක්‍රියාත්මක කරන බවයි.

Social and Equity

ලෝක ජනගහනයෙන් 70%කට වැඩි පිරිසක් පිරිසිදු ජලය සපයා ගැනීමේ අභියෝගයකට මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

“ලෝකයේ පුද්ගලයන් හතර දෙනෙකුගෙන් තිදෙනෙකු ජීවත් වන්නේ ජල අනාරක්ෂිත රටවල. ජලය ආශ්‍රිත විපත්වලට වඩා වැඩි පිරිසක් මිය යන්නේ ආරක්ෂිත පානීය ජලය සහ සනීපාරක්ෂක සේවාවන් නොමැතිකමෙනි." යනුවෙන්ද එම වාර්තාවේ සඳහන් වේ.

එහි දැක්වෙන අන්දමට පාකිස්තානයේ 50%ක ජනතාව පානීය ජලය සපයා ගැනීමේදී දැඩි ගැටලුවලට මුහුණ දෙයි.

එක්සත් ජාතීන්ගේ ජල, පරිසරය සහ සෞඛ්‍ය ආයතනය ප්‍රකාශයට පත් කළ එම වාර්තාවේ දැක්වෙන්නේ පාකිස්තානය සහ තවත් රටවල් 22ක් “ජල අනාරක්ෂිත” කාණ්ඩයට ඇතුළත් කර ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව පාකිස්තානයට අමතරව සොලමන් දූපත්, එරිත්‍රියාව, සුඩානය, ඉතියෝපියාව, වනුවාටු, ඇෆ්ගනිස්ථානය, ජිබුටි, හයිටි, පැපුවා නිව්ගිනියා, සෝමාලියාව, ලයිබීරියාව, ශාන්ත කිට්ස් සහ නෙවිස්, ලිබියාව, මැඩගස්කරය, දකුණු සුඩානය, මයික්‍රොනීසියාව, නයිජර්, සියෙරා ලියොන්, යේමනය, චැඩ්, කොමරෝස් සහ ශ්‍රී ලංකාව යන රටවල ජනතාව ජීවත් වෙන්නේ ජල අනාරක්ෂිත පසුබිමකය.

කෙසේ වෙතත් ඩෙන්මාර්කය, ලක්සම්බර්ග්, ඔස්ට්‍රියාව, නෝර්වේ, ස්විට්සර්ලන්තය, ෆින්ලන්තය, අයිස්ලන්තය, අයර්ලන්තය, ප්‍රංශය, ලිතුවේනියාව, ග්‍රීසිය, ජර්මනිය, එක්සත් රාජධානිය, එස්තෝනියාව, ඉතාලිය, ලැට්වියාව, ස්පාඤ්ඤය, ස්ලෝවැකියාව, ස්ලෝවේනියාව, ක්‍රොඒෂියාව, චෙෂියාව, පෘතුගාලය සහ ස්වීඩනය ඉහළම මට්ටමේ ජල සුරක්ෂිතතාව ඇති රටවල් ලෙස ශ්‍රේණිගත කර ඇත.

Aruna

Social and Equity

ඉන්දීය රජයේ ආධාර මත ජුලි මස වන විට සියලුම ලියාපදිංචි ආගමික ස්ථාන වෙත සුර්යය බලයෙන් විදුලිය ලබා දීමට අදාළව මූලික අදියරේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවත්, එතෙක් විදුලි බිල්පත ගෙවා ගැනීමට නොහැකිව බරපතළ ලෙස ප්‍රශ්න පවති නම් තමා වෙත දන්වන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.
සිල්මාතා සංගමයේ ඊයේ (28) පැවැති රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Social and Equity

ඉන්දියාවේ, උත්තර ප්‍රදේශයෙහි වාරනාසි ප්‍රදේශයේ, හෝටලයක් තුළ දී ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වන ආකන්සා දුබේ ගෙල වැලලාගෙන මියගොස් සිටිය දී සොයාගෙන තිබේ.

Social and Equity

මේ වසරේ ජුනි මස පළමුවැනිදා සිට ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, ප්ලාස්ටික් මල්මාලා, ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි සහ ප්ලාස්ටික් බීම බට සහ කලතන යන නිෂ්පාදනය, බෙදාහැරීම සහ අලෙවිය, භාවිතය තහනම් කෙරෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ පැවසීය.

Social and Equity
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ උපදෙස් මත ක්රියාත්මක සුබසාධක ප්රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ වැඩසටහනෙහි මේ වන විට ක්රියාත්මක තොරතුරු සමීක්ෂණය හා තොරතුරු තහවුරු කර ගැනීමේ ක්රියාවලිය මගින් ලැබී ඇති අයැදුම්පත් ලක්ෂ 22කගේ වැඩි ප්රමාණයක තොරතුරු තහවුරු කර ගැනීම අවසන් කර ඇත.
Social and Equity

සහල් අතිරික්තය අඩු ආදායම්ලාභීන්ට බෙදාහරින බවත් අඩු ආදායම්ලාභීන්ට තවත් සහන දීමට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තවදුරටත් සාකච්ඡා කරන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.