මේවන විට ඊශ්‍රායලයේ පවතින ගැටුම් හේතුවෙන් ඇතිව තිබෙන හදිසි තත්ත්වයට මුහුණදෙන ශ්‍රී ලංකික ශ්‍රමිකයින්හට අවශ්‍ය කරනු ලබන පහසුකම් සැපයීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ඇමරිකානු ඩොලර් 10,000ක මුදලක් ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලබා දී තිබේ.
කම්කරු දෙපාර්තමේන්තුව සඳහා බඳවා ගනු ලැබූ නවක කළමනාකරණ සේවා නිලධාරීන් සඳහා වන සේවාරම්භක පුහුණු වැඩමුළුව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විණි.
ශ්‍රී ලංකා නාවික හමුදාව, ආරක්‍ෂක අමාත්‍යංශය සහ Geopolitical Cartographer (GC) ආයතනය හා එක්ව 11 වන වරටත් සංවිධානය කරනු ලබන ගාලු කථීකාව අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය මෙවර ගාල්ලේදී ජනාධිපති, රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (12) ආරම්භ වීමට නියමිතයි.
වසර 14කට පසු මහපොළ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනය එළඹෙන දෙසැම්බර් මස 13 වනදා සිට 17 වනදා දක්වා ජා ඇළ නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර ඒ වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (16) වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණ.
යහපාලන ආණ්ඩුවට පෙර පැවැති පාලන සමයේ (2010-2015) ඉදිකිරීම් ඇරඹූ යාපනය ජනාධිපති මන්දිර පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දීමට රජය තීරණය කර තිබේ.
කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ කලා ශිල්පීන් ඇගයිමට ලක් කෙරෙන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල 2022, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ මහරගම තරුණ සේවා සභාවේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකාය විසින් චීනයේ ෂුජියන් පළාතේ බාඕලියන් සෙන් විහාරයේ විහාරාධිපති ෂී වූ යැං නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ලෝකත්ථචාරී සංඝශෝභන ලංකාභිමිත්‍ර ධම්ම ඝෝෂ ර්‍ණ ගෞරව නාමය පිරිනැමීම කොළඹ නාරාහේන්පිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මහා සංඝ මූලස්ථානයේ දී පසුගියදා උත්සවාකාරයෙන් සිදු කෙරිණි.
මේ දිනවල පාසල් දරුවන් සහ වැඩිහිටියන් අතර සීඝ්‍රයෙන් ඇස් රෝගයක් පැතිර යන බැවින් එම රෝගය වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත්ව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මධ්‍ය විධායක සභික ,මහජන සෞඛ්‍ය පරීක්ෂක රෝෂන් කුමාර මහතා පවසයි.
දිවයින පුරා තෝරාගත් ස්ථානයන්හි නෙල්ලි පැළ 28,000ක් සිටුවීමේ ව්‍යාපෘතියක් පරිසර අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්ව දියත් කර තිබේ. මේ අනුව, එක් දිස්ත්‍රික්කයකට පැළ 1,000 බැගින් දිස්ත්‍රික්ක 25 සඳහා පැළ 25,000ක් සිටුවීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති අතර ඉතිරි පැළ 3,000 මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත්වීම මත කැලණි ගං ද්‍රෝණියේ තෝරාගත් ස්ථානයන්හි සිටුවීමට සැලසුම් කර තිබේ.
1. පෑන් පැන්සල් කවකටු පිහියා වැනි තියුණු උපකරණ අන් අය වෙත විසි කරන්න එපා. ඉතා කුඩා දරුවන්ට ඒවා ලබා නොදෙන්න
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූවත් ඉමදූවත් අතර අධිවේගී මාර්ගයට පස් කන්දක් කඩා වැඩීම හේතුවෙන් බස්රථ ගමනාගමනයට බාධ ඇති වී ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කරයි.
අමනාප වූ පෙම්වතියගේ නිරුවත් ඡායාරූප විශාල කර ඇයගේ නිවස ඉදිරිපිට ගේට්ටුවෙ ඇල වූ බව කියන තරුණයකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි
ජාතික මීලාද්-දුන්-නබි සැමරුම් උත්සවය නිමිත්තෙන් සැමරුම් උලෙළක් මන්නාරම දිස්ත්‍රික්කයේ මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිලාවතුරෛ මුස්ලිම් මහා විද්‍යාලයේ දී ඔක්තෝබර් (22) පැවැත්වීමට නියමිතය.
නාගරික ප්‍රදේශවල ගස් කඩා වැටීම වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග හා ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීම සම්බන්ධයෙන් ගත හැකි පියවර පිළිබඳව සාකච්ජාවක් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවැත්විණ.
ආන්දෝලනයට ලක්ව මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත දේහය ආදාහනය කිරීමට අවසර දෙන්නැයි එම පවුලේ සාමාජිකයෝ අධිකරණයෙන් ඊයේ (9) ඉල්ලීමක් කළහ. එම ඉල්ලීම සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය, දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත දේහය ආදාහනය කිරීමට අවසර දිය හැකිදැයි සොයා බලා අධිකරණයට දැනුම් දෙන ලෙස අදාළ මරණයට හේතුව තීරණය කිරීමට පත්කළ මහාචාර්ය අසේල මෙන්ඩිස්ගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල විද්වත් කමිටුවට නියෝග කළාය.
ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෛයිමන්නාරම, ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ අද ( 16)අළුයම් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, අයිස් (Crystal Methamphetamine) කිලෝග්‍රෑම් හතරකට (04) අධික තොගයක්, හෙරොයින් කිලෝග්‍රෑම් එකක (01) පමණ ප්‍රමාණයක් සහ හෂීස් කිලෝග්‍රෑම් පහකට (05) අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙරට පෙරපාසල් අධ්‍යාපනය, සාමාන්‍ය පාසල් අධ්‍යාපනය, වෘත්තීය පුහුණු අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය යන ක්ෂේත්‍ර හතර ම ලොව වෙනත් දියුණු රටවල පවතින අධ්‍යාපන ක්‍රමවේද අනුව එම පාඨමාලා හා සම්පත්වලට සමගාමී ව සංවර්ධනය කර ඉදිරියේ දී මෙරට අධ්‍යාපන පද්ධතිය ජාත්‍යන්තර තලයට රැගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. කෝපායී ගුරු අභ්‍යාස විද්‍යාලයේ ශතසංවත්සර උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.
නව අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමය තුළ පහේ ශිෂ්‍යත්ව විභාගයේ දී පවා හතර, පහ ශ්‍රේණි දෙකේ දී පන්ති කාමරයේ රැඳී සිට උපයාගත යුතු නිශ්චිත ලකුණු ප්‍රමාණයක් පවතින බැවින් ඉදිරියේ දී පාසල් පන්ති කාමරය තුළ රැඳී සිටීම අනිවාර්ය වන අතර සියලු ම ශ්‍රේණිවලට එය අදාළ වන බවත් සිසුන්ට විභාග සමත් වීමට එසේ දෛනික පාසල් පැමිණීම අත්‍යවශ්‍ය කාරණයක් වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
Page 135 of 768