මාර්තු 12 ට යෙදී තිබූ ලෝක ග්ලෝකෝමා දිනයට සමගාමීව ග්ලෝකොමා රෝගීන් කල්තියා හදුනා ගැනීම සදහා වූ විශේෂ අක්ෂි සායනයක් පසුගියදා (18) රත්නපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
සියදිවි නසාගැනීම් සම්බන්ධව වාර්තාකරණය ඉතා වගකීම් සහගත ලෙස මෙන්ම සීරුවෙන් කළ යුතු දෙයක් බව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය දියනාත් සමරසිංහ මහතා අවධාරණය කළේය.
සියදිවි නසා ගැනීම පිළිබඳව වගකීම් සහිත වාර්තාකරණය සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවේදී ඒ් මහතා මේ බව සඳහන් කළේය.
විශේෂයෙන්ම මාධ්‍යවලින් සියදිවි නසාගැනීම් පිළිබඳව වාර්තාකරණයේදී එය වාර්තා කළ යුතුද යන්න දෙවරක් සිතා බැලිය යුතු යැයිද එවැන්නක් වාර්තාකරන අවස්ථාවකදී අදාළ පුද්ගලයා සියදිවි නසාගත් ආකාරය සවිස්තරාත්මක ලෙස හුවාදැක්වීම, සියදිවි නසාගැනීම් සම්බන්ධ සංඛ්‍යා දත්ත ඉදිරිපත් කිරීම මෙන්ම ඒ සඳහා යොදා ගන්නා පොදු ක්‍රමවේද ආදිය ඉදිරිපත් කිරීම නුසුදුසු බවද එමගින් තවත් පුද්ගලයන් සියදිවි නසාගැනීමට පෙළඹවීමට ඉඩ ඇති බවද සඳහන් කළේය.
සෑම එක් සියදිවි හානිකර ගැනීමකදීම විසි දෙනෙකු සියදිවි හානිකරගැනීමට තැත් කරන බවටද මෙහිදී කරුණු අනාවරණය විය.
මාධ්‍ය ඔස්සේ සියදිවි නසාගැනීම් වාර්තාකරණය ධනාත්මක සහ සෘණාත්මකව සිදුකිරීම මගින් සමාජයේ සියදිවි නසාගැනීම් අඩුවැඩිවීම තීරණය වන බවද අවධාරණය කළේය.
රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලම දිස්ත්‍රික්කයේ පැවැත්වීම පිළිබඳව නිල වශයෙන් තීන්දු තීරණ ගැනීමේ සාකච්ඡාවක් හලාවත කරවිටාගාර ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී පත්තඩුවන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක අති පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී අනුනාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පැවැත්විණි.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොරලරයේ මිල අද (20) ඉතා සුළු පහළ යාමක් සිදුව තිබේ.
සුළු වරදක් කර අධිකරණ මඟින් රිමාන්ඩ් භාරයට පත් කරන රැඳවූවන් බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ රඳවන නීතියක් සම්පාදනය කෙරෙමින් පවතින බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කළ " සතරාව දීපනී" උපහාර උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්විණ.
අලුත්ගම මොරගල්ල මුහුදු තීරයේ දෙස් විදෙස් සංචාරකයන් දිය නාමින් සිටින ස්ථානයට අඩි දහයක පමණ දිග කිඹුලෙක් අද (19)පැමිණ ඇතැයි මොරගල්ල සංචාරක පොලිසිය පවසයි.
කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති 144 වන නිල් මහා සටනේ ජයග්‍රහණය කොළඹ රාජකීය විද්‍යාලය විසින් හිමිකර ගත් අතර එම ත්‍යාග ප්‍රදානෝත්සවය කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ පැවැත්විණි.
මෑත කාලීනව ඇති වූ බරපතල අභියෝගයන් රැසකට මුහුණ දෙමින් මෙරට සෞඛ්‍ය සේවාව මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත් කරලීමට කටයුතු කරමින් සිටින මොහොතක රෝගී ජීවිත බිල්ලට දෙමින් ඇතැම් පිරිස් සිදු කරන පදනම් විරහිත වර්ජනයන්ට සහභාගී නොවී , රටෙහි මිලියන 22 ක ජනතාව උදෙසා උපරිම සේවාවක නිරත වෙමින් මේ මොහොතේ රාජකාරියේ යෙදෙන වෛද්‍යවරුන්ගේ සිට සෞඛ්‍ය සේවාවේ සමස්ත කාර්යය මණ්ඩලය ඇගයීමට ලක් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
සෞදි අරාබි රාජ්‍යය ශ්‍රී ලංකාවේ ජනතාව අතර බෙදාදීම සඳහා රට ඉඳි ටොන් 50ක් පරිත්‍යාග කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධ වෙමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ක්‍රියාත්මක කරනු ලබන ළමා ආරක්ෂාව පිළිබඳ “පාසල් ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන” 2023 වර්ෂය සඳහා පාසල් ලියාපදිංචිය ආරම්භ කර තිබේ.
සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා, සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනෙහි මේ වන විට ක්‍රියාත්මක තොරතුරු සමීක්ෂණය හා තොරතුරු තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය මඟින් ලැබී ඇති අයදුම්පත් ලක්ෂ 11ක තොරතුරු තහවුරු කර ගැනීමේ කටයුතු අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
මෙරට පුරවැසියන් විදේශ රැකියා සදහා යොමු කිරීමේදී නුපුහුණු ශ්‍රමිකයන් වෙනුවට ඔවුන් පුහුණු ශ්‍රමිකයන් බවට පත් කර රැකියා සදහා යොමු කිරීමේ වැඩපිළිවෙළක් කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශය මගින් සැලසුම් කර ඇති බව එම අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පවසයි.
ලිස්ටීරියා බැක්ටීරියාව ශරීරගතවී ඇතැයි සැක කෙරෙන රෝගියෙකු බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පාලිත රාජපක්ෂ පැවසීය.
බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය මගින් සංවිධානය කරන Western Breeze Festival - ආහාර පාන සැණකෙළිය - 2023 මාර්තු මස 17 සහ 18 යන දෙදින තුළ වත්තල වැලිසර නවලෝක ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් තම වෘත්තියට අභිබවා යමින් නිර්මාණශීලි නිපැයුම් හා නව සොයාගැනිම් ආදි නොයෙකුත් කරුණු ඔස්සේ කටයුතු සිදුකළ විශිෂ්ඨතම ගුවන් භටයා හා ගුවන් කාන්තාව ඇගයිමට ලක්කිරිම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා විශිෂ්ඨතා සම්මාන ප්‍රධානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා ඊගල්ස් ලැගුන්ව්වි උත්සව ශාලාවේදි පැවැත්විණි.
ගමින් ගමට සුවධරණී වෛද්‍ය සායන මාලාවේ සමාරම්භක වෛද්‍ය සායනය හෙට (18) පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා පෑලියගොඩ ජයතිලකාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වීමට නීති අධ්‍යයන සභාව ගත් තීරණයට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී එකඟත්වය හිමි නොවිණි.
Page 136 of 740