Saturday, February 14, 2026
Follow Us
ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී පදක්කම් 11 ක් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිවයිනට

මෙවර චීනයේ පැවති 04 වන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී පදක්කම් 11 ක් දිනාදෙමින් මව් බිමට අභිමානයක් හා ගෞරවයක් ගෙනදෙමින් දිවයිනට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන්, කළමනාකරුවන් ඇතුලු කණ්ඩායම කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොලේ දී උණුසුම් ලෙස පිළිගැනිණ.

නුවන් ඉන්දික හා ප්‍රදීප් සෝමසිරි ක්‍රීඩකයින් රන් පදක්කම් 02 ක් ද, නුවන් ඉන්දික, සමිත දුලාන්, අනිල් ප්‍රසන්න, ජනනි ධනන්ජනා සහ ගලිනි බස්නායක යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී පදක්කම් 05 ක් ද, පාලිත බණ්ඩාර, කුමුදු ප්‍රියංකා, මධුරංග සුබසිංහ, නවීඩ් රබීන් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝකඩ පදක්කම් 04 ක් ද ලෙස පදක්කම් 11 ක් දිනාදෙමින් ආසියාවෙන්ම 18 වෙනි ස්ථානයට ශ්‍රී ලංකාව ඔසවා තැබීය