Saturday, February 14, 2026
Follow Us
මධ්‍යම පළාතේ වෙළෙඳ බලපත්‍ර විමර්ශනයට විශේෂ ක්‍රමවේදයක්

පළාත් පාලන ආයතන මගින් ව්‍යාපාර සදහා නිකුත් කරන වෙළෙඳ බලපත්‍ර ලබා ගැනීමෙන් පසු අදාළ බලපත්‍රලාභීන් ඉල්ලුම් කළ ව්‍යාපාරික කටයුත්තම එම ස්ථානවල පවත්වාගෙන යනවාදැයි වාර්ෂිකව සොයා බලන ක්‍රමවේදයක් දියත් කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පළාත් පාලන කොමසාරිස්වරියට දැනුම් දී තිබේ.


ආණ්ඩුකාරවරයා මෙම මෙසේ උපදෙස් ලබා දුන්නේ ඊයේ දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති පළාත් ආරක්ෂක කමිටු රැස්වීමේදී.