Saturday, February 14, 2026
Follow Us
මහපොළ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනයේ ඉදිරි සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡාවක් 

මහපොළ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනයේ ඉදිරි සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡාවක්  ඊයේ  (09) ‍වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්   ජා- ඇළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ඉන් අනතුරුව අමාත්‍යවරයා ප්‍රදර්ශනය පැවැත්වෙන ජා ඇළ නගර සභා ක්‍රීඩාංගණ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

මෙම අවස්ථාව සදහා වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු මහතා, ගම්පහ දිස්ත්‍රික් ලේකම්  සමන් දර්ශන පඬිකෝරාළ මහතා, කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, කඳාන, ජා-ඇළ හා රාගම පොලිස් ස්ථාන ස්ථානාධිපතිවරුන්, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ  නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.