Saturday, February 14, 2026
Follow Us
හෙට දිනයේ ප්‍රදේශ කිහිපයක මත්පැන් හල් වසා තැබේ

හෙට (12) දිනයට යෙදී ඇති දීපවාලි දිනය නිමිත්තෙන් දිවයිනේ දිස්ත්‍රික්ක දෙකකට අදාළ ප්‍රදේවල මත්පැන් සිල්ලරට විකිණිමේ සියලුම සුරාබදු බලපත්‍ර ලත් මත්පැන හල් වසාතැබීය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කොට ඇත.


ඒ අනුව පහත පරිදි මත්පැන් හල් වසා තැබේ.

01. නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියලුම සුරාබදු බලපත්‍ර ලත් මත්පැන් හල්.

02. මහියංගනය සහ රිදීමාලියද්ද යන ප්‍රදේශ හැර බදුල්ල දිස්ත්‍රික්කයේ ඉතිරි ප්‍රදේශවල පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර ලත් මත්පැන්හල්.