Thursday, April 23, 2026
Follow Us
අකුණක් සිසුවෙකුගේ දිවි අහිමි කරයි

පාසල් සිසුවෙක්ට අකුණුසැර වැදීමක් සමඟ ඇති වූ කම්පන තත්ත්වයක් හේතුවෙන් ඊයේ (22) රාත්‍රියේ ජිවිතක්ෂයට පත් ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි පාසල් සිසුවෙක් බව පොලිසිය පවසයි.

මෙම සිසුවා අකුණු සැර වදින මොහොතේ දී සිය නිවසේ වැරන්ඩාවේ සිට ඇත.

එම මොහොතේ ඇති වූ කම්පනයෙන් සිසුවා බිම ඇදවැටී ඇති බවයි ඔහුගේ ඥාතීන් පවසයි.

පසුව කඩිනමින් සිසුවා ගල්පාත රෝහලට ඇතුලත් කිරීමේ දී මිය ගොස් ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට සිරුර සඳහා හොරණ රෝහල වෙත යොමු කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.