Thursday, April 23, 2026
Follow Us
ලන්දේසින් විසින් බලහත්කාරයෙන් රැගෙන ගිය ඓතිහාසික කෞතුක භාණ්ඩ ශ්‍රී ලංකන් රැගෙන එයි

ලන්දේසින් විසින් බලහත්කාරයෙන් රැගෙන ගිය ඓතිහාසික කෞතුක භාණ්ඩ රැසක් ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් දිවයිනට රැගෙන එයි.

වර්ෂ 1756 දී ලන්දේසින් විසින් මහනුවර රාජ මාලිගාව වටලන ලද අවස්ථාවේ ශ්‍රී ලංකාව සතුව පැවති, පසුව ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ එකතුවක් නැවත නෙදර්ලන්ත රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් භාරදීම සිදු කෙරිණි.

මෙම ඓතිහාසික කෞතුක භාණ්ඩ නැවත දිවයිනට රැගෙන ඒම ෆැන්ක්ෆර්ට් සිට ශ්‍රී ලංකන් ගුවන්සේවය සිදුකරනු ලැබුවා