Saturday, February 14, 2026
Follow Us
“දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” රුවන්පුරයට

දීඝවාපිය මහා සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර සොයාගන්නා ලද, ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍ය ඊයේ(05) උදෑසන සිට 07 වනදා උදෑසන දක්වා ඇඹිලිපිටිය, කාවන්තිස්ස රජමහා විහාරයේ දී ප්‍රදර්ශනය කෙරේ.

දෙසැම්බර් 07 සිට 10 උදෑසන දක්වා කොලොන්න, නවනැලිය ශ්‍රී බෝධිරාජාරාමය විහාරයේදීත්, 10 උදෑසන සිට 13 උදෑසන දක්වා සංඛපාල විහාරයේදීත්, 13 උදෑසන සිට 16 උදෑසන දක්වා ගොඩකවෙල ශ්‍රී මහින්ද මහා විහාර ටැම්පිට විහාරයේදීත් බැතිමතුන්ගේ වන්දනාමානය සඳහා ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍ය ප්‍රදර්ශනය කෙරෙනු ඇත.