පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලද තොරතුරක් මත පිටකොටුව කදිරේෂන් වීදියෙහි ගබඩාවක සහ වෙළඳසැලක සිදුකරන ලද වැටලීමකදී, අලෙවිය සඳහා සූදානම් කරමින් තිබූ ආනයනය කරුවකු හෝ නිෂ්පාදකයකු සඳහන් නොවන දේශීය සහ විදේශීයව සකස් කරන ලද රූපලාවන්‍ය ආලේපන ඇතුළු නිෂ්පාදන විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇත.
සිනමාකරුවන්ගේ නිර්මාණාත්මක හැකියාව නැංවීමට සහ නවීණ තාක්ෂණය සිනමාකර්මාන්තයට යොදා ගැනීම සිනමාකරුවන් පුහුණු කරවන සිනමා ඇකඩමියක් අවශ්‍ය බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
සිය බිරියට කළ පහරදීමක් මුල්කරගෙන ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිංහාර අමල් ශාමින් ද සිල්වා හෙවත් ගොනාකෝවිලේ කුඩු අංජු නමැති පාතාලයේ ප්‍රබලයාව මෙරටට ගෙන්වා ගැනීමට මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය ජාත්‍යන්තර පොලිසිය සමඟ අදහස් හුවමාරුකර ගනිමින් මෙහෙයුමක් දියත්කර තිබේ.
අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50ක් දවාගත් පන්දු යවන්නා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් සමත්වී තිබේ.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් 22 වන වරට ක්‍රියාත්මක කරන බෞද්ධාලෝක වෙසක් වැඩසටහන මෙවරත් වෙසක් පොහෝ දින සිට පුරා දින 04ක් , එනම් මැයි 05 සිට 08 දක්වා පැවැත්වෙන බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා පැවසුවේය.
විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් අතර පැනනැගී ඇති උසස් පෙළ ප්‍රශ්නපත්‍ර ඇඟයිමේ ගැටලුකාරී තත්ත්වය තවත් දිනකින් හෝ දෙකක් ඇතුළත විසඳෙනු ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
අඹතලේ පවිත්‍රාගාරයේ සම්ප්‍රේෂණ නළය බිඳ වැටීම හේතුවෙන් අද (28) රාත්‍රී 9.00 දක්වා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම් අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.
කොටහේන, දීපදුත්තමාරාම පුරාණ තායි විහාරස්ථානයේදී අද (02) නිල වශයෙන් වෙසක් සතිය අරඹමින් බෞද්ධ ධජය එසවීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් සිදු කෙරිණි.
The ‘Women Plus Bazaar 2023’ exhibition organized for the first time with the aim of empowering Sri Lankan women was declared open by President Ranil Wickremesinghe at Shangri-La Hotel in Colombo today (30).
මෙවර වෙසක් සතිය මැයි 02 සිට 08 දක්වා පැවැත්වෙන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
විදේශගත ශ්‍රමිකයන්ගේ අයිතීන් හා ආරක්ෂාව සහතික කිරීම සඳහා කඩිනමින් විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කරන ලෙස කාන්තා සංවිධාන හා දේශපාලන පක්ෂ රැසක් ගාල්ලේ දී මැයි දින පෙළපාලියකට එක්වෙමින් ආණ්ඩුවට බල කර සිටියහ.
‘‘රිටත් පුහුණුකරුත් නැතිව දිනූ තුෂේන්’’ යන ශීර්ෂයෙන් යුතුව පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහත සඳහන් සඳහන් පරිදි වේ .
රිලවුන් ඉල්ලූ චීන සමාගම චීන තානාපති කාර්යාලය ඇතුළු සියලු පාර්ශව වලින් ඒ සඳහා අනුමැතිය ලබාගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මෙරටින් ඊයේ දිනයේත් (01)කොවිඩ් ආසාදිතයන් 06 දෙනෙකු වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
යම් හේතුවක් මත තමන්ට අනවශ්‍ය හෝ හදාවඩා ගැනීමට නොහැකි මාස 3ට අඩු බිලිඳු දරුවන් රහසිගතව හා සුරක්ෂිතව තබා යෑම සඳහා රජයේ රෝහල් හා පළාත් පරිවාස දෙපාර්තමේන්තු යටතේ අධීක්ෂණය වන ළමා රැකවරණ මධ්‍යස්ථාන 379හි කවුළු ස්ථාපිත කිරීම හා ඒ සඳහා පවත්නා නෛතික තත්ත්වයන්ද සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කර ඇත.
මෙරට සිනමාකරුවන් ඇගයීම පෙරදැරි කරමින් 1979 වසරේ එවක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමන් විසින් ආරම්භ කරන ලද ජනාධිපති සිනමා සම්මාන උළෙල 20 වන වරටත් මෙම වසරේ පැවැත්වීමට ජාතික චිත්‍රපට සංස්ථාව කටයුතු යොදා ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Page 129 of 740