Saturday, February 14, 2026
Follow Us
පාසල් සිසුන් මත් උවදුරින් වළක්වා ගැනීම ගැන බලධාරීන් දැනුවත් කෙරේ

පාසල් සිසුන් මත් උවදුරින් වළක්වා ගැනීම වෙනුවෙන් ක්‍රියාවට නැංවීමට යෝජිත වැඩපිළිවෙළ සම්බන්ධ බලධාරීන් හා පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ විශේෂ හමුවක් ඊයේ (13)  අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මත් උවදුරින් පාසල් සිසුන් වැළැක්වීම වෙනුවෙන් වන දැනුවත් කිරීම් පවා ඉතා ප්‍රවේශමෙන් සිදුකළ යුතු බව ද ඇතැම් දැනුවත් කිරීම් සඳහා ලැබෙන ප්‍රචාරණය මගින් පවා  ඒ සඳහා සිසුන් යොමුවීමට හේතු විය හැකි බව ද මෙහි දී අමාත්‍යවරයා අවධාරණය කළේය. වැඩබලන  පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපතිතුමන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.