ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා(29) පාර්ලිමේන්තුවේදී රැස් විය.
පොල් කොහු ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙදපළ තුළ ඉහළ ඉල්ලුමක් පවතින බැවින් එම කර්මාන්තයේ යෙදී සිටින පිරිස දිරි ගැන්වීම සඳහා වැඩසටහන් සකස් කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා ද තිබේ.
අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ පොල් සංවර්ධන අධිකාරියේ ප්‍රගතිය පිළිබඳව පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සමාලෝචන සාකච්ඡාවේදීය.
අප රටේ කොහු ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන සඳහා චීනය, එක්සත් ජනපදය හා යුරෝපා රටවල ඉහළ ඉල්ලුමක් පවතී. මේ වනවිට අප රටේ නිෂ්පාදනයක් වන තවෂි කොහු බුරුසු සඳහා විදේශ වෙළෙඳ පළ තුළ ඉහළ ඉල්ලුමක් පවතී. සාමාන්‍යයෙන් වසරකට එම බුරුසු එක්කෝටි අනූ ලක්ෂයක් පමණ අපනයනය කරන බවත්, ඒ සඳහා වැඩිම ඉල්ලුමක් පවතින්නේ ජපානය තුළ බවත් පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
එහිදී මෙම කරුණු අවධාරණය කෙරුණු අතර පසුගිය කාලය තුළ පැවැති ආර්ථික අස්ථාවරභාවය හා කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පොල් කෙඳි ආශ්‍රිත නිෂ්පාදනය හා ආදායම සියයට 50කින් පහත වැටුනු බව පොල් සංවර්ධන අධිකාරිය මෙහිදී අවධාරණය කළේය.
දැනට මෙරට පොල් කොහු ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය තුළ යෙදී සිටින පිරිස 40,000ක් පමණ වන අතර වාර්ෂිකව කොහු ආශ්‍රිත නිෂ්පාදන අපනයනය මගින් මෙරටට ලැබෙන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 149ක් පමණ වේ.
විශේෂයෙන් පොල් කොහු ආශ්‍රිතව මෙන්ම තල් කර්මාන්තය හා කිතුල් කර්මාන්තය ආශ්‍රිතව ද නිෂ්පාදන රැසක් දේශීය නිපදවන බැවින් එම කර්මාන්ත අංශ තුනම ඒකාබද්ධව අපනයන වැඩ සටහන් ප්‍රවර්ධනය කිරීම මගින් රටට විශාල ආදායමක් උපයා ගත හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
වර්තමානයේ සංවර්ධිත රටවලට තිබෙන ප්‍රධානම ගැටලුව පරිසර දූෂණය වළක්වා ගැනීමයි. විශේෂයෙන් ප්ලාස්ටික් භාවිතයෙන් ඉවත් වීමට බොහෝ රටවල් උත්සාහ දරති. එමනිසා සියයට 100ක්ම පරිසර හිතකාමී නිෂ්පාදන කර්මාන්තයක් වන කොහු කර්මාන්තය මෙන්ම තල් හා කිතුල් ආශ්‍රිත නිෂ්පාදන මිල දී ගැනීමට සංවර්ධිත රටවල් කැමැත්තක් දක්වති.
එමනිසා මෙම කර්මාන්තය ප්‍රවර්ධනය මගින් ඉහළ විදේශ විනිමය ප්‍රමාණයක් උපයාගත හැකිව තිබෙන බැවින් ප්‍රවර්ධන වැඩ සටහන් 2024 වසර තුළ වැඩි වශයෙන් ක්‍රියාත්මක කරන්නැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අනාගත සමාජ අභියෝගවලට මුහුණ දීම සඳහා සුවිශේෂී නායකත්ව ගුණාංගයන්ගෙන් යුත් ජවසම්පන්න, දැනුමෙන් සන්නද්ධ, විනයගරුක පුරවැසියන් බවට තරුණ ප්‍රජාව හැඩගැන්වීම අරමුණු කර ගත් ශ්‍රී ලාංකේය තරුණ විරුවන් ඇගයීම සඳහා වන ‘ජාතික තරුණ විරු සම්මානය’ හඳුන්වා දීමේ ක්‍රියාන්විතය ජාතික ශිෂ්‍යභට බලකාය හරහා සිදුකරන බව වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
බන්ධනාගාර තුළ පවතින අධික තදබදය අවම කර ගැනීමේ අරමුණින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා පුනරුත්ථාපන කාර්යාංශය යටතේ පවතින මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට අදාළව පවතින නිර්ණායක සංශෝධනය කිරීමට අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
විදෙස් රටවලින් පැමිණෙන සේවකයින් සඳහා වීසා නීති දැඩි කිරීමට එක්සත් රාජධානිය තීරණය කර තිබේ.
එසේම උපස්ථාන සේවාවන් සඳහා එක්සත් රාජධානිය වෙත සංක්‍රමණය වන සේවකයින්ට සිය පවුලේ සාමාජිකයින් ගෙන ඒමද තහනම් කර තිබේ.
එම නව නීති එරට අභ්‍යන්තර කටයුතු ලේකම් ජේම්ස් ක්ලෙවලි විසින් නිවේදනය කළේය.
Aruna
ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව පවත්වනු ලබන, තැපැල් මුද්දර චිත්‍ර තරඟය තුළින් තෝරා ගන්නා ලද චිත්‍ර දෙකක් ඇසුරෙන් නිර්මාණය කරන නත්තල් තැපැල් මුද්දර ද්විත්වය නිකුත් කිරීම පුංචි බොරැල්ල, ශාන්ත ඇලෝසියස් කණිටු දෙව්සත්හලේ දී පසුගියදා සිදු කෙරිණි.
බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සකස් කළ වාර්තා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා මෙම දෙසැම්බර් 15 දිනට පෙර ලබා දෙන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා විසින් අදාළ ආයතන ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ රාජ්‍ය ආයතන 72 කින්ද, පාසල් 53 කින්ද ඩෙංගු මදුරු කීටයන් සිටින ස්ථාන හඳුනාගෙන තිබේ. කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් රජයේ ආයතන 121 ක් සහ පාසල් 65 ක කරන ලද පරීක්ෂාවේදී ඩෙංගු මදුරු කීටයන් බෝවෙන ස්ථාන හඳුනාගෙන ඇත.
අනතුරකින් තරුණයකු මිය යාමට කළ පළිගැනීමක්
අනතුරකින් තරුණයකු මිය යාම සම්බන්ධයෙන් පළිගැනීමක් ලෙස පිටකොට්ටේ පාගොඩ පාරේ දී බස් කොන්දොස්තරවරයෙකු ට තියුණු ආයුධවලින් පහර දී බරපතළ තුවාල සිදුකළ බව කියන ඥාති සොයුරන් දෙදෙනකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.
ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීම සඳහා වන නිපුනතා පරීක්ෂණ පසුගිය 01 සිට ආරම්භ වී තිබේ.
ලංගම ආයතනයේ පැවැති වංචා දූෂණ පිළිබඳව විමර්ශන සිදුකිරීම සඳහා බස්නාහිර පළාත භාරව කටයුතු කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අධ්‍යක්ෂ පසුගිය සතියේ පත් කළ බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ක්‍රීඩාවල යෙදීමේදි තහනම් ද්‍රව්‍ය භාවිතය වැලැක්වීම සඳහා පාර්ලිමේන්තු පනතකින් බලය හිමිකර දී ක්‍රියාත්මක වන ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනය ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යයතනයයි.
සාමාන්‍යයෙන් දිනකට ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 938ක් මෙරට ජනනය වුවත් ඉන් නැවත එක්රැස් වන්නේ සියයට 32ක් පමණක් බවත්, එලෙස එකතුවන ප්ලාස්ටික්වලින් යාන්ත්‍රික ප්‍රතිචක්‍රීකරණය කරන්නේ සියයට 4ක් පමණක් බවත් පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී පසුගියදා අනාවරණය විය.
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතනයක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ (29) වැටලීම් කර තිබේ.
Page 128 of 768