Saturday, February 14, 2026
Follow Us
ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ලයනල් වික්‍රම අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ලයනල් වික්‍රම අභාවප්‍රාප්ත වී ඇත. 

චිත්‍රපට සහ ටෙලිනාට්‍ය 200කට වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායක වූ ප්‍රවීණ කලාකරුවා කලක් අසනීප තත්ත්වයෙන් පසු වූවා.

ලයනල් වික්‍රම මහතා කලා ලොවට පිවිසුවේ 1980 වසරේ තිස්ස අබේසේකරයන්ගේ කරුමක්කාරයෝ චිත්‍රපටය තුලිනි.

 අභාවප්‍රාප්ත වන විට ප්‍රවීණ කලා ශිල්පියා 77 වන වියෙහි පසුවූ බව සඳහන්.