2023 වසරේ මුල් මාස 8ක කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 200,387 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගතවී තිබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කරයි.
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්බව වැඩිකිරීමේ සැසියක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
අනුරාධපුර අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ විසින් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් සිදුකරන ලද විශේෂ ඉල්ලීමකට අනුව අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝධි මළුව දක්වා විශේෂ මගී ප්‍රවාහන බස් රථ සේවාවක් ආරම්භ කිරීම නිකිණි පුර පසළොස්වක පෝය දිනට සමගාමීව සිදු කෙරිණි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන සිනමාව විෂයක් ලෙස විෂය නිර්දේශයට ඇතුළත් කරන ලෙස යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
Miss Srilanka සහ Mr Srilanka 2023තරඟාවලිය ඊයේ(03) කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ පණීභාරත රංගශාලාවේදී ඉතා සාර්ථකව අවසන් විය. එහිදී ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් 06 දෙනෙකු තෝරා පත්කර ගැණින.
මව්බිමට සිය අභිමානවත් සේවාවක් ඉටුකරනු ලබන C-130 හර්කියුලිස් ගුවන් යානා හා AN 32 (ඇන්ටනෝව්32 ) ප්‍රවාහන ගුවන් යානාවලින් සමන්විත ශ්‍රි ලංකා ගුවන් හමුදා "Heavy Lifters", අංක 2 ප්‍රවාහන බලඝණය සිය 66 වන සංවත්සරය අද (සැප්තැම්බර් 01) අභිමානවත් අයුරින් සමරනු ලබයි.
සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (30) රාත්‍රී වීදි සංචාරය කෙරේ.
අදට (03) යෙදෙන 157 වන පොලිස් දින සැමරුම නිමිති කරගනිමින් සර්ව ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබූ අතර ඊට සමගාමීව ඊයේ දින රාත්‍රී 07.30 සිට පැවැත්වූ පරිත්‍රාන ධර්ම දේශනාව හා අද දින හීල් දානමය පින්කම කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ 04 වන මහලේ පිහිටි සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
නීති අධ්‍යයන සභාව විසින් 2023 මැයි 15 වැනි දින නිකුත් කළ අංක 2332/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් පසුගියදා පැවති අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය යොමු වී තිබේ.
මඩකලපුව නගරයේ නොච්චිමුණෙයි හි ස්ථාපනය කරන ලද විශේෂිත පදික මාරු වර්ණ සංඥා පද්ධතිය විවෘත කිරීම ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
පරිසර දූෂණය සඳහා වැඩි වශයෙන් දායක වන පොලිතීන් ජීර්ණය කරවන දිලීරයක් සොයාගැනීමට කැලණිය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයන්හි පර්යේෂණ කණ්ඩායමක් සමත්ව තිබේ.
රටේ ධනාත්මක වෙනසක් සිදුකල හැකි ගාමක බලවේගය වන්නේ උගත් තරුණ පරපුර බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
දැනට කැලණිය රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති දීඝවාපිය මහ සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය සැදැහැවත් ජනතාවගේ වන්දනාමාන සඳහා අවස්ථාව ලබා දීමේ අරමුණින් ආගමික පෙරහැරකින් දිවයින පුරා වැඩම කරවීමට නියමිතය.
මෙරට කිරි කර්මාන්තයේ සංවර්ධනය සඳහා තාක්ෂණික ආයතනයක් පිහිටුවීමට අවශ්‍ය මුල්‍ය හා තාක්ෂණික සහයෝගය ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා USAID ආයතනයට ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කළේය.
වර්ෂ 1765 දී ලන්දේසීන් විසින් මහනුවර රජමාලිගාව වටලන ලද අවස්ථාවේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ 06ක් නැවත මෙරටට ගෙන ඒම සම්බන්ධව ගිවිසුම් 02ක් ඊයේ (28) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී අත්සන් කෙරිණි.
Page 127 of 756