Sunday, February 22, 2026
Follow Us
Social and Equity

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා තමන්ට පහර දීමට උත්සාහ කර මරණීය තර්ජනය කළ බව පවසමින් එම පක්ෂයේ මාධ්‍ය ඒකකයේ නිලධාරියකු කුරුඳුවත්ත පොලිසිය වෙත අද 23 පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය

Social and Equity

මැයි මාසයේ ගතවූ දින 20 ක කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 6,037 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

Social and Equity

මේ වන විට ඩෙංගු රෝගීන් 34801 වාර්තා වී ඇති බවත් ඉදිරියේදී වර්ෂාපතනය වැඩි වුවහොත් මෙම තත්ත්වය තවත් වැඩි විය හැකි බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පැවසීය.

Social and Equity

සමාජ මාධ්‍ය හරහා පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හා ඔවුන්ගේ යහපැවැත්මට අහිතකර අන්දමෙන් සිදුවන අපහසාත්මක හා වෛරීසහගත ආගමික, ජාතික සමාජ සංස්කෘතිකමය වශයෙන් විවිධ ජන හැඟම් කුපිත කරවන සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක පැමිණිල්ලක් කළ විගස එම පැමිණිලි විභාග කිරීමට ආරක්ෂක අංශවල වෙනමම අංශයක් ස්ථාපිත කර ඇති බව කැබිනට් ප්‍රකාශක , ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Social and Equity

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ 57 වන කණ්ඩායම ලෙස රැකියාලාභීන් 23 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය පසුගියදා සිදු කෙරිණි.

Social and Equity

වගාවන් ආරක්ෂා කිරීම සඳහා ගිනිඅවි බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

Social and Equity
  • ඉහල අදායම් ලබමින් විවිධ හිතවත්කම් මත සමෘද්ධි ඇතුළු සුබසාධක ප්‍රතිලාභ ලබාගත් අය ස්වයංක්‍රියව පද්ධතියෙන් ඉවතට.
  • අන්ත දිළිඳු කාණ්ඩයේ සිටින පවුලක් සදහා මාසිකව රුපියල් 15,000 ක්.
Social and Equity

2023 මැයි මාසය වන විට දකුණු කොරියානු රැකියා සඳහා ලාංකික ශ්‍රමිකයින් 2726 දෙනෙකු මෙරටින් පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරයි.

Social and Equity

ඩෙංගු රෝගය අවදානම සඳහා අපිට නිදහසට කරුණු කීමට නොහැකි අතර එය පාලනය හා අවම කිරීමට අවශ්‍ය යැයි සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Social and Equity

2023 වසරේ පොසොන් පොහොය නිමිත්තෙන් ජුනි මස 03 වැනි පොසොන් පුර පසලොස්වක් පොහෝ දින දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සදහා වූ සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන හෙවත් මත්පැන් හල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත.

Social and Equity

මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඓතිහාසික බුදුරුවගල වැව ආශ්‍රිතව සංචාරක බෝට්ටු සේවාවක් ආරම්භ කර තිබේ.

Social and Equity

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යංශය හා බුද්ධ ශාසන දෙපාර්තමේන්තුව දිවයිනේ විවිධ ප්‍රදේශ තුළින් වැඩම කෙරෙන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ සිල් මෑණිවරුන් වෙනුවෙන් පහසුකම් සපයමින් online සහ නේවාසික ඉංග්‍රීසි පාඨමාලා අදියර දෙකක් යටතේ සිදුකිරීමට අපේක්ෂා කරයි. මෙහි පළමු අදියරේදී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා

Social and Equity

ෆේස්බුක් ගිණුමක් ඔස්සේ රංගන ශිල්පිනියක් සමඟ හිතවත් වී ඇයව විවාහ කර ගන්නා බවට පොරොන්දු ලබා දී එම රංගන ශිල්පිනියගෙන් වරින්වර රුපියල් ලක්ෂ 65ක මුදලක් ලබාගෙන වංචා කළ සැකකරුවකු එළඹෙන 29 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය නියම කළාය.

Social and Equity


• මෙම පැරණි ක්‍රමවේදය වෙනස් කළ යුතුයි.
• තරුණයින් පෞරුෂයෙන් , ප්‍රායෝගික බවින් , දැනුමින් සහ නායකත්වයෙන් සන්නද්ධ විය යුතුයි

Social and Equity

ප්‍රථම ජාතික යොවුන් වූෂූ තරඟාවලිය (2023) පළාත් නවයම නියෝජනය වන පරිදි කණ්ඩායම් සහභාගීත්වයෙන් මහරගම තරුණ සේවා සභාවේ දී ආරම්භ විය.

Social and Equity

කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර සහ කැලණිය විශ්වවිද්‍යාලවල ආරක්ෂාව තර කර දෙන්නැයි එහි උපකුලපතිවරු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාගෙන් ඉල්ලීමක් කරති.

Social and Equity

රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණයට සෘජුව සම්බන්ධ නොවන තොරතුරු තාක්ෂණ උපාධිධාරීන්ගේ හැකියාවන් සහ නිපුණතාවයන් තවදුරටත් වර්ධනය කර ඔවුන්ට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළ රැකියා අවස්ථාවන්ට පිවිසීමට මඟ සැලසීමේ Refresher Bootcamp නමින් වැඩසටහන ආරම්භ විය.

Social and Equity

අනුබද්ධ විශ්වවිද්‍යාල සහ ඒවායේ පාඨමාලා සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබාදීමේ දී එය විවිධ අලෙවිකරණ අරමුණු සඳහා අනිසි ලෙස භාවිත නොකිරීමට සහ එය උපාධි ප්‍රදානය කරන විශ්වවිද්‍යාලයට පමණක් ලබාදීමට දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවට ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානය යොමු විය.