Saturday, February 14, 2026
Follow Us
ගර්භාෂ දෙකක් සහිත කාන්තාවක් නිවුන් දරුවන් බිහිකරයි

ගර්භාෂ දෙකක් සහිත කාන්තාවක් දින දෙකක් තුළ නිවුන් දැරියන් බිහිකිරීමේ පුවතක් අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයෙන් වාර්තා වේ.

කෙල්සි හැචර් නම් 32 හැවිරිදි මෙම කාන්තාව ලොව වඩාත් දුර්ලභ සිදුවීමක් වන බෙදුණු ප්‍රජනක පද්ධතියකට තුඩු දෙන ගර්භාෂ ඩිඩෙල්ෆිස් නම් තත්ත්වයෙන් පෙළෙන අයෙකි.

මෙලෙස ද්විත්ව ගර්භාෂයක් පිහිටීමේ සම්භාවිතාව මිලියනයට එකක් බව සඳහන් වේ.

ඇය මේ බව පළමු වරට දැනගෙන ඇත්තේ, ඇය 17 වැනි වියේ පසු වූ කාලයේ දී බව සඳහන්ය.

ඇගේ දරුවන් දෙදෙනා බිහි ව ඇත්තේ, පැය 20ක කාලයක් තුළ සිසේරියන් ක්‍රමය යටතේ බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත.

මෙසෙල උපත ලැබූ දියණියන් දෙදෙනාට නම් තබා ඇත්තේ රෝසී සහ රෙබෙල් ලෙසයි.

ඇය මීට පෙර ද දරුවන් තිදෙනෙකු බිහිකර තිබේ