Saturday, February 14, 2026
Follow Us
මාතලේ නන්දිමිත්‍ර එකනායක හොකි ක්‍රිඩාංගණය නවිකරණයට

මාතලේ හොකී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම රටටම වැදගත් ජාත්‍යන්තර හොකී ක්‍රීඩාංගණයක් වන මාතලේ නන්දිමිත්‍ර ඒකනායක හොකී ක්‍රීඩාංගණ්ය කාලයත් සමඟ විනාශ වෙමින් පැවති අතර එය නැවතත් ඇ.ඩො. 235,000 ක වියදමින් නවීකරණය කර 2024 ජනවාරි මාසය අවසන් වීමට ප්‍රථම නැවතත් හොකී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදීම සඳහා සුද්ද පවිත්‍ර කර සූදානම් කිරීමේ කටයුතු පසුගියදා මාතලේ මහ නගර සභාවේ සහයෝගය ඇතිව ආරම්භ කෙරිණි.

ක්‍රිඩා රාජ්‍ය අමාත්‍ය  රොහණ දිසානායක මහතාගේ ප්‍රදානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ක්‍රීඩාංගණය නවීකරණ කටයුතු සඳහා පූර්ණ අනුග්‍රහය ලබාදෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් නියෝජිතයෙකුද  සහභාගි විය.