Saturday, February 14, 2026
Follow Us
අසිරිමත් නත්තල අදයි

සාමයේ පණිවුඩය ලොවට ගෙන ආ ජේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල අද ( 25 ) යි.

ලොව පුරා වෙසෙන කෝටි සංඛ්‍යාත කිතුනු භක්‌තිකයෝ නත්තල මහත් උත්සවශ්‍රීයෙන් සමරනයි.

ප්‍රධාන නත්තල් දේව මෙහෙය අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කටාන හල්පෙ ශුද්ධවූ ෆ්‍රැන්සිස් ක්ෂේවියර් දේවස්ථානයේ දී ඊයේ මධ්‍යම රාත්‍රියේ දී පැවැත් විණි.

ඊට සමගාමීව කොළඹ ඇතුළු දිවයිනේ අනෙකුත් දේවස්ථානවලදී රාත්‍රී දේව මෙහෙය පැවැත්විණි.

එමෙන්ම අද පෙරවරුවේ ද සියලු දේවස්ථානවල දී නත්තල් දේව මෙහෙයයන් පැවැත්වේ.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සහභාගි වූ නත්තල් දේව මෙහෙය වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ දී පැවැත්වීමට නියමිත බව ද වාර්තා වෙයි .