Saturday, February 14, 2026
Follow Us

යුක්තිය' මෙහෙයුම යටතේ රට පුරා පසුගිය පැය 24 තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 1554 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 82 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් අද (30) පෙරවරුවේ පැවැසීය.

සැකකරුවන් දෙදෙනෙක් සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 62 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවත් එම අමාත්‍යංශය කියයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 128 ක් ද ඊයේ අත්අඩංගුවට ගත් බව කී එම නිලධාරියා එහිදී හෙරොයින් ග්‍රෑම් 590 ක්, අයිස්  කිලෝ 1 යි ග්‍රෑම් 300 ක් සහ ගංජා කිලෝ 6 යි ග්‍රෑම් 330 ක් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවද සඳහන් කළේය.