Friday, July 03, 2026
Follow Us
යාපනයේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

යාපනය දිස්ත්‍රික්කයේ අද (21) සහ හෙට (22) විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් පැවැත්වේ.

යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ. සිවබාලසුන්දරන් මහතා දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ, පාසල්, රෝහල්, විශ්වවිද්‍යාල, විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙසයි.

පසුගිය 19 වෙනි දා පමණක් යාපනය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 111ක් වාර්තා වී තිබුණි.

මේ මාසයේ මේ වනවිට යාපනය දිස්ත්‍රික්කයේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 997 කි.

Aruna