Tuesday, October 06, 2026
Follow Us
එළිසබෙත් රැජිණියගේ පිළිරුවක්

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණගේ දියණියක් වන ඈන් කුමරිය නොබෝ දිනකින් ශ්‍රී ලංකාවේ සංචාරක නිරත වීමට නියමිතය.

එම සංචාරයේ දී සිය මිත්තනියගේ ඉල්ලීමකට අනුව ඉදි වූ වික්ටෝරියා වේල්ල නැරඹීමට ද එතුමිය සූදානමින් සිටී. 

එහි දී එම ස්ථානයේ දෙවන එළිසබෙත් රැජිණියගේ පිළිරුවක් විවෘත කිරීමට කටයුතු යොදා ඇත.  

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ සංවිධානයෙන් එහි සිදුවන ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයා බැලීමට පසුගියදා (17) ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.