Saturday, February 14, 2026
Follow Us
ලංකාවේ ප්‍රධාන නත්තල් දේව මෙහෙය හල්පේ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් සේවියර් මුනිදුන්ගේ දේවස්ථානයේ දී

අද (24) මධ්‍යම රාත්‍රියේ උදාවන අසිරිමත් නත්තල් උත්සවය වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධාන දේවමෙහෙය කටාන – හල්පේ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් සේවියර් මුනිදුන්ගේ දේවස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.

කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් සඳහන් කළේ, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙම දේව මෙහෙය පැවැත්වෙන බවයි.

මේ අතර කිතුණු දේවස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිසිය සදහන් කරයි.