Saturday, February 14, 2026
Follow Us
ධීවර දිනයට සමගාමීව  දළ රළ සවිය මෙවරත් යාපනයේදී

ධීවර දිනට සමගාමීව  පැවැත්වෙන සැමරුම මෙවර යාපනය ගුරු නගර් කේන්ද්‍ර කරගනිමින් මේ මස 18 හා 19 යන දෙදිනදී යාපනයේ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇතැයි අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ මෙම දිනයට සමගාමීව යාපනය නගරයේ පැවැත්වෙන ධීවර සැමරුම් උත්සවය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම නිමිත්තෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවරණාගාරයේදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.